රිය අනතුරුවලින් වාර්ථාවක් තැබූ ඊයේ දිනයේ පයාගල ප්‍රදේශයේ දි අවස්ථා දෙකකදි මෝටර් රථයක ගැටීමෙන් පාපැදිකරුවන් දෙදෙනෙකු මියගොස් තිබූ බවත් එම මෝටර් රථයෙන්ම අනතුරට පත් යතුරුපැදි කරුවකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි අප ඊයේ දිනයේ ''රිය අනතුරු වලින් වාර්තාවක්'' ශීර්සය යටතේ වාර්ථාකර තිබූ අතර එම අනතුරට සම්බන්ධ මෝටර් රථය ධාවනය කර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ඥාති පුත්‍රයෙකු බවද වාර්ථා වෙයි.
අනතුරටත් පත්වූවන්ගේ ඥාතීන් පවසන්නේ මෙම රථය ධාවනය කරමින් පැමිණ ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ වැඩිමහල් සොහොයුරියගේ පුතා යැයි පවසයි.
වැඩි දුරටත් ඔවුන් පවසන්නේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවට පැවසූවත් සුළු තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ගන්නා බව පැවසුවත් ඔහු ඇත්ත රියදුරු නොවන බවයි. අනතුරට පත්වන විට මෝටර්රථය පදවාගෙන එන ලද රියදුරු රියදුරු සගවා ඒ වෙනත් කෙනෙකු ඉදිරිපත්කර ඇති බවයි. මෙම මෝටර් රතයේ තිබූ මත්පැණ් බෝතල් කිහිපයක්ද වහා ඉවත්කරගෙන ඇතැයි ඇසින් දුටුවන් පවසයි.
එක් පාපැදිකරුවෙකු මියගොස් ඇත්තේ මෝටර්රථය පාපැදියේ හැපීමනිසා පාපැදිකරු අසල නිවසක වහලය මතට විසිවී වහලයද කැඩී බිමට වැටීමෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ ඊයේ රාත්‍රී එම මොටර් රථයේ රියදුරා විසින් පයාගල, දළුවත්ත මන්සන්දියේදි පළමු පාපැදිකරු අනතුරට ලක්කර පසුව තවත් පාපැදිකරුවෙකු අනතුරට ලක් කර ඇති බවය.
Source: lankatruth.com