සභාපති එම්.ආර්. ෂා මහතාගේ අත්තනෝමතික ක‍්‍රියාවන්ට ප‍්‍රභල බාධකයක්ව සිටි ප‍්‍රධාන විධායක ගාමිණි කරුණාතිලක මහතා පසුගිය දෙසැම්බර් මස 31 වන දින සිට සම්මුති ප‍්‍රකාරව ඉක්මන් විශ‍්‍රාම ගැන්වීමකට යොමුකරවා ගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුව සතු දේපොල කුණුකොල්ලයට අලෙවි කිරීමේ සැලැස්මක් ක‍්‍රියාත්මකවන අතර මර්චන්ට් බැංකුව අනුබද්ධිතව ඉතිරි කිරීමේ බැංකුවක් ඇරඹීමේ සැලසුම් මේ වනවිට දියත්වෙමින් පවතී.
සභාපති ෂා මහතාට අවශ්‍ය පරිදි ඕනෑම කටයුත්තක් කිරීමට ඔළුව වනන එහෙයියන් පිරිසක් මේ වනවිට ඔහු වටා සිටින බැවින් ඔහුගේ මෙම වංචනික ක‍්‍රියාවන් කිසිම බාධාවකින් තොරව ක‍්‍රියාවට නැන්විය හැකිවී තිබේ. එම්. ආර්. ෂා මහතාගේ විනය විරෝධී බැංකු සම්ප‍්‍රදායන් පිළිබදව ශ‍්‍රී ලංකා මහබැංකුව පවා මුනිවත රකිමින් සිටී.
2010 දෙසැම්බර් මස සිට බොරු චෝදනා පත‍්‍රයක් යටතේ ප‍්‍රධාන විධායක ගාමිණී කරුණාතිලක මහතාව බැංකුවෙන් පන්නා දැමීමට සභාපති එම්.ආර්. ෂා මහතා ක‍්‍රියාකළ ආකාරයත් ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් පිළිබදවත් ගාමිණී කරුණාතිලක මහතා විශ‍්‍රාම ගියදින (31-12-2011) බැංකුවේ සේවකයින් වෙත කරන ලද කරුණු පැහැදිලි කිරීම හා ඔහුගේ චෝදනා පත‍්‍රය පහතින් පළකරන්නෙමු.

Source - lankanewsweb.com