Chitika Smowtion 468x60


Monday, January 30, 2012

'කළු ජනවාරියට' බාධා මූලික අයිතිය කැඩීමක් - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ


ජනවාරි 25වැනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල පැවත්වීමට නියමිතව තිබූ 'කළු ජනවාරිය' රැලිය නැවැත්වීම සඳහා ආණ්ඩුව හා ඊට සම්බන්ධව නියෝජිතයන් යොදාගත් පිළිකුල් සහගත සන්නද්ධ උපක්‍රම මගින් සාමකාමීව රැස්වීමේ මූලික අයිතිය කඩකර ඇති බවත්, එය හෙළා දකින බවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.
අදාළ නිවේදනය නිකුත් කරන එම සංගමයේ කැඳවුම්කරු නීතිඥ ලාල් විෙජ්නායක මහතා පෙන්වා දෙන්නේ පොලීසිය සාමකාමී විරෝධතාවක් වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගත් බවත්, පොලීසිය හා උසාවිය ඇතුළු රාජ්‍ය ආයතනයන් මූලික අයිතීන් ආරක්ෂා කර වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කළයුතු වුවත්, මෙමගින් එම අයිතීන් කඩවුණු බවත්ය.
මෙම සිද්ධිය පිළිබඳව දැඩිව සලකා කටයුතු කරන බවත්, මෙවැනි සිද්ධීන් නිසා රටේ නීතිය හා සාමයට තර්ජනයක් ඇතිවන බවත් එම නිවේදනයේ දැක්වේ.
රාවය

Share this article with your friends