කතානායකවරයා මේ සම්බන්ධයෙන් හිටපු නීතිපති මොහාන් පීරිස් මහතාගෙන්ද කරුනු විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ වරෙන්තු කොට සිටින පුද්ගලයෙකු වෙනුවෙන් නිවාඩු අනුමත කිරීම නීත්‍යානුකූල නොවන බවයි.
දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සිටින ස්ථානයක් නොදන්නා බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරනය වෙත දිගින් දිගටම වාර්තා කර තිබේ. එවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය හා ඔහු සිටින ස්ථානය පිළිබදව දැනුම් දෙමින් මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන ශිරාන් නිශාන්ත වැලිවිටිගොඩ මහතා කතානායකවරයා වෙත ලබාදී ඇති ලිපියට අනුව දුමින්ද සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බව නියෝජ්‍ය කතානායකවරයා, කතානායකවරයාට පැහැදිලි කර දී ඇත.
කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී මැරකම් කළ දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට තවදුරටත් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකළ නොහැකි බැවින් ඔහුට යළි නිවාඩු අනුමත කිරීමක් සිදු නොකොට එකී මන්ත‍්‍රී ධූරය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාරම්පරික පරපුරකින් පැවත එන චන්දන කත‍්‍රිආරච්චි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබාදිය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මැති ඇමතිවරුන්ගේ අදහස වී තිබේ.
Source - lankanewsweb.com