Chitika Smowtion 468x60


Friday, March 9, 2012

ජිනීවා සටනට ‘නේෂන් මාලින්ද’ යැවීමට තීරණය කෙරේ


ජනාධිපතිවරයාගේ උගත් පාඩම් කොමිසම් සභා නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස ශ‍්‍රී ලංකා රජයට බලකරමින් ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවට එරෙහි මාධ්‍ය සම්බන්ධීකරනය සඳහා ‘නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතා ජිනීවා යැවීමට ජනාධිපතිවරයා තීරණය කොට තිබේ.
මාලින්ද සෙනවිරත්න මහතා ගෙන්වා ඇති ජනාධිපතිවරයා එම මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබෙන අතර ‘‘සුද්දියන්ගේ ගුබ්බෑයම්වලට රිංගා නම කැතකර නොගන්නා ලෙසත්,  ඕන දෙයක් හොර රහසේ කරන ලෙසත්’’ උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා එම කාරණය අවධාරනය කොට ඇත්තේ පසුගියදා ජිනීවා ගිය මාධ්‍ය ප‍්‍රධානීන් දෙදෙනකු ගණිකා මඩමකට ගොස් ඇතිවූ අර්බුදය සිහිපත් කරමිනි.

මේ අනුව මාලිංග සෙනවිරත්න මහතා ලබන සදුදා ජිනීවා යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරියෙකු අප වෙත පැවසීය. මාලිංග සෙනවිරත්න මහතා මෙම මාධ්‍ය මෙහෙයුම සඳහා යොදාගන්නා ලෙස ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය.

ජනාධිපතිවරයා විසින් මාලිංග සෙනවිරත්න මහතා ‘නේෂන්’ පුවත්පතේ කර්තෘ ධූරයට පත්කළේද රණවක ඇමතිවරයාගේ නිර්දේශය මතය.

මාලිංග සෙනවිරත්න මහතාට පවරා ඇති ජිනීවා මෙහෙයුම පිළිබද අප වෙත තොරතුරු දුන් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ, නේෂන් පුවත්පතේ පිටපත් 3000 ක්වත් විකුණාගත නොහැකි කතුවරයෙකුවන සෙනවිරත්න මහතාට එවැනි වගකිවයුතු රාජකාරියක් කිරීමේ හැකියාවක් නොමැති බවයි.



Source - lankanewsweb.com

Share this article with your friends