Chitika Smowtion 468x60


Friday, March 9, 2012

කුස පබා පෝලිම පනියි


මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්‍ෂණ කරන ලද කුස පබා චිත‍්‍රපටය සිංහල සිනමාවේ ආදායම් වාර්තා බිඳ හෙලමින් මේ දිනවල රූගත වේ.

නමුත් මෙම ආදායම් බිඳ හෙලා රූගත වන කුස පබා චිත්‍රපටය රූගත වීමට නියමිත අනෙකුත් චිත්‍රපට පෝලිමේ නොසිට ලැබූ විශේෂ වරප්‍රසාද මත කලින් දිනයක් ගෙන ප්‍රදර්ශනය කර ඇති බවට චෝදනා නැගේ.

මේ පිළිබඳව චෝදනා නගන රංගන ශිලිපියෙක්, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ උපදේශන කමිටු සාමාජිකයෙක් හා ජාතික තරුණ සේවා සභාවේ සම අධ්‍යක්‍ෂවරයෙකු වන අර්ජුන කමල්නාත්ගේ අදහස 

"මේ ප්‍රශ්නය තේරුම් ගන්න නම් මුලින්ම ලංකාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන පිළිවෙල අදුරගන්න ඕන.අපේ රටේ චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල පහක් තියෙනවා. CEL, EAP, MPI, LFD, රිද්මා එම මණ්ඩල පහ.

මෙයින් රිද්මා මණ්ඩලය විතරයි චිත්‍රපට සංස්ථාවට අයිති. අනෙක් මණ්ඩල හතරම පෞද්ගලික ඒවා.

යම් චිත්‍රපටයක් මුද්‍රණය කිරීමෙන් පස්සේ එම චිත්‍රපටයට ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය විසින් සහතිකයක් නිකුත් කරනවා. ඒ සහතිකයේ ඇතුලත් දිනයට අනුව තමයි අදාළ චිත්‍රපට තිරගත් වීමේ පෝලිමට ඇතුලත් වන්නේ.

එත් දැන් වෙලා තියෙන්නේ ඒක නෙවෙයි ජනාධිපතිතුමාට ලංවෙලා ඉන්න පිරිසක් එයාලගේ දේශපාලන හයිය පෙන්වලා බලහත්කාරයෙන් චිත්‍රපට පෙන්වන එක.ඔවුන් එක කරන්නේ ජනාධිපතිවරයාගේ නම නින්ධිත විදියට විකුණලා.

පෝලිමෙන් පිට පෙන්නන බෑ කිව්වම මේ පුද්ගලයෝ ඒ යට බලපෑම් කරනවා ජනාධිපතිතුමයි මෙහෙම කිව්වේ. ජනාධිපතිතුමා කියපු දෙයක් ඔය යට කරන්න බැරිද කියල. හැබැයි මම තදින්ම විශ්වාස කරනවා ජනාධිපතිතුමා නම් මේ කිසි දෙයක් දන්නේ නැතුව ඇති කියලා."

මෙයට පිළිතුරු ලෙස කුස පබා චිත්‍රපටයේ නිෂ්පාදිකා රේණුකා බලාසුරිය මහත්මිය පවසන්නේ චිත්‍රපටවල පෝලිම තීරණය කරන්නේ ඔවුන් නොව නිශ්පාදන මණ්ඩලය බවත්, මෙම චෝදනාව කුස පබා ප්‍රදර්ශන මණ්ඩලය වන EAP වෙත යොමුකළ යුතු බවත්ය.

කෙසේ නමුත් අප වෙත වාර්තා වන පරිදි කුස පබා පෝලිම පැන ජනවාරි මාසයේදී තිරගත කිරීමට හේතුවූයේ පාසල් දර්ශන ඉලක්කකර ගනිමින් බව වාර්තා වේ.


ඒ අනුව ‘කුසපබා’ පාසල් දරුවන්ට සුදුසු චිත‍්‍රපටයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්දේශයක් ලබාගෙන ඇති අතර පළමු පාසල් වාරයේ ළමුන් චිත්‍රපටයක් බැලීමට රැගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දි ඇති අවසරය ප්‍රයෝජනයට ගෙන ඇත.








Source: http://www.gossip9.com/2012/03/blog-post_901.html#ixzz1ocyvx5Sy

Share this article with your friends