ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සභාපතිවරයාගේ සමීපතම හිතවතෙකුවන අතර, ඔවුන් දෙදෙනා එක්ව පසුගිය මාස කිහිපය තුලදී බරපතල වංචා ගණනාවක් සිදුකර තිබේ. ප්‍රධාන විධායක නිලධාරියා විසින් කළ එවැනි ගණුදෙනු කිහිපයක් පිළිබදව වාර්තාවීමත් සමග ඔහු ඉවත් කොට වෙනස් සුදුසු අයෙකු පිටරටකින් හෝ ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරයාට දැනුම්දී තිබිණ.
මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා ගතහැකි එකම ආරක්ෂණ ක්‍රමය ආර්යාවගේ හිතදිනාගැනීම බව පැහැදිලි කර ඇති නිශාන්ත වික්‍රමසිංහ මහතා, ඇයගේ හිතවතුන් කිහිප දෙනෙකුට විදෙස් ගුවන් ටිකට්පත් නියෝජිත ධූර ඉල්ලා ඇති බැවින්, ඇයගෙන් ඒ පිළිබදව ලිඛිත වාර්තාවක් ගෙන වහාම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස කපිල චන්ද්‍රසේන මහතාට උපදෙස් තිබේ.
ඒ අනුව, මේ වනවිටත් විදේශයන් හි ටිකට් අලෙවි නියෝජිතයන් ලෙස ක්‍රියාකරන කිහිප දෙනෙකු ඉවත්කොට, ජනාධිපති ආර්යාව විසින් යොමුකරන ලද ලැයිස්තුවේ සඳහන් පිරිසකට එම තනතුරු ලබාදීමට කපිල චන්ද්‍රසේන මහතා මේ වනවිට කටයුතු කරමින් සිටී. කපිල චන්ද්‍රසේන මහතා ජනාධිපති ආර්යාවගේ ලේඛනයට තමන්ගේ හිතවතුන් කිහිප දෙනෙකුගේ නම්ද ඇතුලත් කොට තිබෙන බව වාර්තා වේ. ඒ අනුව ඔහුගේ සමීපතම හිතවතෙකුවන ගාමිණී කන්නන්ගර මහතාට ඩුබාහි ශ්‍රී ලංකන් එයාර් ටිකට් අලෙවි නියෝජිත ධූරයත් අරුණ අමසේකර නැමැත්තාට ඕස්ටේ්රලියාවේ නියෝජිත ධූරයත් ලබාදීමට කටයුතු කර තිබේ.
මෙම දූෂිත ලිපි ගණුදෙනු සියල්ල සිදු කොට ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරියවන රංගි පෙරේරා නැමැත්තියයි. කපිල චන්ද්‍රසේන මහතා මිහින් එයාර් ගුවන් සේවයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරද්දී ඔහුගේ සමීපතම ලේකම්වරිය වූ රංගි පෙරේරා, කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයට එන අවස්ථාවේදී එම ආයතනයට අනුයුක්ත කරනු ලැබීය.
තවද කපිල චන්ද්‍රසේන මහතා ඔහුගේ හිතවතුන් විශාල පිරිසකට මැති ඇමතිවරුන්ගේ නාමලේඛන හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැුකියා ලබාදී තිබේ. ඔහුගේ පෞද්ගලික පුහුණුකරුවා, ගුවන් සේවකයෙකු ලෙස මෑතකදී බඳවාගෙන ඇත්තේ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ නම විකුණමිනි.
එසේම කපිල චන්ද්‍රසේන මහතා ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්ව මෙම කෙටි කාලය තුලදී ඔහු දැනටමත් විදේශ සංචාර 51 කට සහභාගී වී තිබේ. එම සංචාරයන් සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් දරා තිබේ.
සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා එක්ව සිදුකළ බරපතල වංචා ගණනාවක් පිළිබදව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පවා පැමිණිලි ලැබී ඇති අතර ජනාධිපති ආර්යාවගේ බලපෑම් හේතුවෙන් ඒ සියල්ල යටගසා තිබේ. මෙම තත්ත්වය යටතේ එම ආයතනයේ මූල්‍ය අධ්යක්ෂවරයා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයිද වාර්තා වේ.
කූට ජාවාරම්කරුවෙකු වූ කපිල චන්ද්‍රසේන මහතා එයාර් ලංකා ටිකට් අලෙවි නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු එම වකවානුවේදී එයාර් ලංකා ගුවන් ටිකට්පත් වංචනික ලෙස මුද්‍රනය කිරීමේ චෝදනාව මත 1991-1992 කාලයේ රිමාන්ඞ් බන්ධනාගාරයේදී පසුවූ අයෙකි.
එහෙත් ඊට අදාල පරීක්ෂණ සිදුකළ පොලිස් පරීක්ෂක ආර්මුගම් නැමැත්තාට ලක්ෂ 5 ක මුදලක් දී පරීක්ෂන කටයුතු යටගසා මොහු රටින් පලාගොස් තිබිණ. මොහු යළි ලංකාවට පැමිණ ඇත්තේ එයාර් ලංකා ගුවන් සමාගම අහෝසි කිරීමෙන් පසුවය.
Source - lankanewsweb.com