Chitika Smowtion 468x60


Thursday, March 22, 2012

වාසු මම සහ පන්ති සටන


රාමචන්ද්‍ර මහත්තය ''ජන රැල්ල'' පුවත්පතට ලියපු ලිපියක වාසුදේවත්, මාත් එකම වර්ගයට දාල විවේචනය කරල තිබුණ. උන්නැහේගේ මාක්ස්වාදී දැනුම ගැන මට හිනහ වෙන්නයි සිදු වුනේ.
වාසුදේව ධනපති ආණ්ඩුවක මෙහෙයුම් මණ්ඩලය වන කැබිනට් එකේ ඇමතිවරයෙක්. මේ ආණ්ඩුව පිහිටල තියෙන්නේ ධනපති ආඥාදායකත්වය පෙන්වන හමුදා ඇතුල්වුන රාජ්‍ය උඩයි. එයා ධනපති මර්ධන බලයේ හිමි කාරයෙක්. වාසු-මහින්ද සම්බන්ධය ඇත්තේ එතන.
මම මුන්ගේ මර්ධනයට විරුද්ධව කඳුළු ගැස්, වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් වීදි සටනේ ඉන්නේ. රනිල් උන්නැහෙත් ඒවට එන නිසා එතැන දී මට හම්බවෙනව.
මේ දෙක සමාන ලෙසට පෙනෙන්නෙ අපෝහක තර්කය තියා ඇරිස්ටොටල් පප්පගේ සාමාන්‍ය තර්කයවත් නොදන්න මැට්ටෙකුට විතරයි. විප්ලවවාදියෙක් ජනතා සටනේ දී විරුද්ධවාදී ධනපතියන් සමඟ එකට එකතුවෙලා සටන් කල යුතුයි. ධනපති රාජ්‍ය බිඳ වැටුන වෙලාවක වුනත් ඇතිවන දරුණු මර්ධකයාට විරුද්ධව අනෙකා සමඟ එකතු වෙලා පහර ගැසිය යුතුයි.


1917 අගොස්තු/සැප්තැම්බර් වන විට දී කෙරෙන්ස්කිට විරුද්ධව කෝර්නිලොව් කුමන්ත්‍රණය ආපු වෙලාවේ දී බොල්ෂෙවික් පක්ෂය කොර්නිලොව් ට විරුද්ධව සටනට ආවා. නමුත් ලෙනින් මෙන්ෂෙවික්වරු එක්කවත් ආණ්ඩු පිහිටුවන්න උනන්දු වුනේ නැහැ.
රනිල් විතරක් නෙමෙයි සිරිමාවෝ, මහින්ද, මේ ආදී නායකයන් මෙන්ම ගාමිණී දිසානායක, ඇතුලත්මුදලි ආදීන් සමඟත් වීදි සටන් වලදී, වෙනත් උද්ඝෝෂණ වලදී මන් එකට වැඩ කරල තියෙනව. ඒ වගේම ඒ හැම තැනකදීම අපි වාසි අරන් ඉදිරියට ගියා.
අපිට අමාරුම තත්ත්වය ඇති වුනේ ජාතිවාදී යුදවාදී නායකයින්ට විරුද්ධව පෙනී සිටීම උඩයි. එදා ඉදන් ඒ ජාතිවාදී ඇවිස්සිලි වල පෙරමුණ ගත්තේ රාමචන්ද්‍ර මහත්තය හිටපු ජනතා විමුක්ති පෙරමුණයි. ජාතිවාදී, බිහිසුණු, අන්ත දක්ෂිනාංශික ධනපතියන් සමඟ වීදි සටනක දී වත් එකතු වීම නම් කිසිම මාක්ස්වාදී නායකයෙක් කරපු හෝ අනුමත කල හෝ දෙයක් නෙමෙයි.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී තලයේ දී ධනපති නායකයින් විවිධ හේතු උඩ පාරට වීදියට බහිනව. ජාතිවාදී සටන් පාඨ නැතිව, කම්කරු-නිර්ධන විරෝධී සටන් පාඨ නැතිව එක මොහොතකට හෝ ධනපති නායකයින් එලියට එනව නම් එතැන දී එකට සටන් නොකර සිටීම ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනව.
එදා මහින්දගේ මානව හිමිකම් උද්ඝෝෂණයන් පැවැත්වූයේ මන් මුල් වෙලා හදපු අතුරුදහන් වුවන්ගේ මා පිය දූ දරු සංවිධානය ගොඩනගපු ක්‍රියාකාරීත්වය පදනම් කර ගෙනයි. මන් ඒ උද්ඝෝෂණ වලට මහින්දවත් එකතු කරන්න ඕස්ටේ්‍රලියාවටත් ගියා. ලීනස් සහෝදරයා ජිනිවා වලටත් ගියා. මර්ධනයට විරුද්ධව බිහිනුණු තත්ත්වය පරාජය කරන්නට ඒ කල සටන නිවැරදියි. ජාතිවාදී යුදවාදී භීෂණයන් ගෙනයන දරදඬු වුනු පාලනයකට විරුද්ධව ජාතිවාදයට නමින් හෝ විරුද්ධවන නමට පමණක් හෝ ආගම්වාදී නොවන ධනපති නායකයෙක් සමඟ එකට සටන් වදින එක ඊටත් වඩා නිවැරදියි.
ආණ්ඩුව කරවන මහින්දලා විතරක් නොමෙයි විරුද්ධ පක්ෂයෙත් ජාතිවාදී යුධවාදි පන්දම් කාරයින් ඉන්නව.
ඒ අයත් එක්ක සැලකුවාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මට්ටමක තමා රනිල් ඉන්නේ.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ධනපති දේශපාලනයක් මිසක සමාජවාදයක් නෙවෙයි. අද, මෑත කාලයේ ෂඵත‍එකේ නායකයෙක් වෙලා හිටපු ස්ට්‍රව්ස් ඛාන් සමාජවාදියෙක් හැටියට හඳුන්වනව. ඒ නිසා මේ වචන යොදන්නේ මොන තේරුමෙන්ද කොතැනකද කියල හිතන්නේ නැතිව තප්පුලන්නට යෑමෙන් පෙන්වන්නේ තමන්ගේ නොදැනුවත් කම විතරයි.
අද මේ ජාතිවාදී පදනමින් දරුණු ලෙස බල තල කේන්ද්‍රගත කරගෙන ඉන්න පාලකයෙකුට විරුද්ධව මූලික නිදහස, මූලික පඩිය, මූලික ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නට වෙලා තියෙනව. ඒ සටනෙදි පෙරට එන මූලික සටන් පාඨ වලට එකඟව ඇත්තටම ක්‍රියාවට බහින ධනපති දේශපාලනඥයන් සමඟත් එක්ව සටන් කරන්න වෙනව.
වාසුදේව කරන්නේ මොකද්ද? අද පවතින මේ දරුණු පාලනයට ඉතාම වටිනා හවුලක් එකතු කරණ එකයි. ඔහු මර්ධනයේ ඍජු කොටස් කරුවෙක්. ඒ බිහිසුනු මර්ධන ක්‍රියාවලියට විරුද්ධව ජිවිත පරදුවට තබල සටන් කරන්න යි අපට වෙලා තියෙන්නේ.
පුදුමයි මේක ජන අරගල කණ්ඩායමේ මහත්වරුන්ට නොපෙනෙන එක. මතකද දෙන්නෙක් ලඟදී ඉස්සුව. ඒකට මහින්ද විතරක් නෙමෙයි වාසුදේවත් කෙලින්ම හවුල්. මොකදඒක රජයේ වැඩක්. රනිල්ලාටත් අද සටන් කරන්න වෙලා තියෙන්නේ මර්ධනය ඉදිරියේ. ලසන්ත කියන්නේ රනිල්ගේ දේශපාලන හිතවතෙක්. එදා රනිල්ලා මර්ධනය පැත්තේ හිටපු බව කව්රුත් දන්නවා. ඒ වගේම එදා මහින්ද අප සමඟ එකතු වෙලා මර්ධනයට විරුද්ධ වුන එකත් ඇත්ත. ඒ උනත් පොදුවේ ඇතිවන සටන් වලදී මේ දෙගොල්ලන්ම සමඟම ඒ ඒ තැන්වලදී එකතු වෙලා සටන් කරන්න අපට සිදු වුනා.
අනෙක එදාට වඩා තත්ත්වය අද බියකරුයි. එදා සිංහල තරුණයන් මරල ආණ්ඩුව ලබා ගත් වීරත්වයක් නෑ.
අද ජාතිවාදී පෙලගැස්ම උඩ ආණ්ඩුව මර්ධන බලය ජාතිවාදය තුල ගොනු කරලයි ඉන්නේ. එදා ප්‍රේමදාසට මූල්‍ය අරමුදල සමඟ ගැටෙන්න සිදු වුනා අද මහින්ද නව ලිබරල්වාදයේ සුරතලෙක්. ඔවුන්ගේ සියළු කොන්දේසි ඉටු කරන වහලෙක්. ජිනීවා වල විවේචන ආවත් අද ආර්ථීක පැත්තෙන් ආණ්ඩුව නම් දරපු සුරතලෙක් වෙලා ඉවරයි.
එදා අපි සටන් කලේ වන් මෑන් ෂෝ එකට විරුද්ධව. ඒත් අද පැහැදිලිවම මේක සංගමයකට විරුද්ධ සටනක් වෙලා. ඒ තත්ත්වය තුළ ඒ පැත්තේ නව ලිබරල්ෟ මේ පැත්තේ නව ලිබරල්ෟ කියන සිංදුව මහින්ද ආරක්ෂා කිරීමේ තැටියක් නැත්නම් බයිලා එකක් වෙනවා සිකුරුයි.
මුල්‍ය අරමුදලේ ඛෙල්ල මිරිකීමත් සමඟ දෙමල ජනතාවගේ ස්වපාලන ඉල්ලීම් තදින් මතුවෙලා තියෙනව.
ගෝලීය ධනවාදී බැම්මෙන් මිදීමත්, ජාතික සමගිය ඇති කිරීමත් ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී කාර්්‍යභාරයන්. ඒවා ඉටු කරන්නට පුළුවන් නිර්ධන පංති ආඥාදායකත්වයකට විතරයි. එවැනි තැනකට දැන් මේ පාලනය දෙපැත්තට හිර වෙලා.
ඒ නිසා ඇතිවන පොදු සටන් ගමන් කල යුතු මාවත එළි වෙලා තියෙනව. නිර්ධනීන්ට මුලට එන්න පුළුවන් සටන තුල ඉඳල මිසක සටනින් ඉවත් වෙලා, සංවිධිත වමක් ගැන සිහින මැවීමෙන් නොවෙයි. පවතින පෙරලිකාරී තත්ත්වය උඩ ඕනාම කෙනෙකුට කට්ටිවාදී කණ්ඩායමක් හදා ගන්න පුළුවන්. ඒත් ගොඩ නැගෙන සටන් රැල්ල විප්ලවීය මාවතකට ගෙනෙන්න කට්ටිවාදයට බැහැ.
ස්වාධීන වම ගොඩනැගිය යුත්තේ පොදු සටන ඇතුලතයි. භීෂණයට, දුප්පත් කමට, බොරුවට යට වෙලා ඉන්න ජනතාව නැගිට ගෙන එනව නම් එය තුල නිර්ධනීන් පදනම් කරගෙන ස්වාධීනව බලයට යන වමේ නායකත්වයක් ගොඩ නැගිය යුතුයි. හැංගිලා ඉඳල විප්ලවය කරන්න බෑ පාරට වීදියට ඇවිත් ජනතාව තුල නිර්ධනීන්ගේ ස්වාධීන මාවත හෙලි කල යුතුයි. එදා බොල්ෂෙවික්වරු නිර්ධන පංති ආඥාදායකත්වයක් පිහිටෙව්වේ ඒ මාර්ගයෙන්.

Source - lankanewsweb.com

Share this article with your friends