Chitika Smowtion 468x60


Thursday, March 22, 2012

කටුනායක ගුවන් තොටුපොලේ පර්යන්තයක් සැකසීමේ කොන්ත‍්‍රාත්තුව සභාපතිවරයාගේ හිතවතෙකුට


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල තුළ දේශීය ගුවන් ගමන් සඳහා භාවිතා කළ හැකි පර්යන්තයක් සැකසීමේ ප‍්‍රසම්පාදන කොන්ත‍්‍රාත්තුව, ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති කර්නල් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය මහතාට හිතවත් ලින්ක් ඉන්ජෙනියරින් පෞද්ගලික සමාගම වෙත පවරා තිබේ.
ශ‍්‍රී ලංකා මුදලින් එකසිය පනස්අට මිලියන හත්සිය දහසය දහස් දෙසිය පනස් පහයි ශත හතලිහක මුදලකට (රු. 158,710,255.40) මෙම කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇත.

එහි කොන්ත‍්‍රාත්තුව ලබාදීමේදී වැඩකටයුතු ආරම්භයේදී 10% ක කොමිස් මුදලක් හා පළමු ගෙවීමේදී තවත් 10% ක මුදලක් සභාපතිපවරයා විසින් ඉල්ලා ඇති බව ලින්ක් ඉන්ජෙනියරින් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

මෙම කොන්ත‍්‍රාත්තුවට අදාලව 2011-11-11 දින සිවිල් ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර 2011-12-21 දින ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුම්දී ඇත්තේ අදාල ඉදිකිරීම් සමාගම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව ලින්ක් ඉන්ජෙනියරින් පෞද්ගලික සමාගමේ ක‍්‍රියාකාරිත්වය දැක්වෙන වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය පරිදි සැකසීමටද ප‍්‍රසන්න වික‍්‍රමසූරිය මහතා මැදිහත්වී තිබේ. එසේ සැකසූ වාර්තාවද ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2012 මාර්තු 06 වනදා ප‍්‍රියංකර ජයරත්න අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

ප‍්‍රසන්න වික‍්‍රමසූරිය මහතා විසින් අමාත්‍යවරයා මේ සඳහා එකඟ කරවාගෙන ඇත්තේ අදාල කොන්ත‍්‍රාත් මුදලින් 5% ක් ලබාදෙන බවට සහතික වීමෙනි.


Source - lankanewsweb.com

Share this article with your friends