Asia Pacific Broadcasting Union (ABU) හි පුර්ණ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව විසින් නිල විකාශන අයිතිය ලබාගැන්ම සඳහා සඳහා විශාල මුදලක් ගෙවා තිබුනා.
එලෙස විශාල මුදලක් ගෙවා ජාතික රූපවාහිනිය ලබාගත් නිල විකාශන අයිතිය ඔවුන්ගෙන් නොමිලේම ලබාගැනීමටයි CSN නාලිකාව සූදානම් වෙන්නේ.
රුපවාහිනිය මුදල් ගෙවා ලබාගත් ඔලිම්පික් තරග විකාශන අයිතිය CSN නාලිකාවට නොමිලේ විකාශනය කිරීමට සහ සම අයිතිය ලබාදෙන ලෙස CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිශාන්ත රණතුංග, රුපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක වෙත ලිඛිතව දැනුම්දී ඇති අතර එසේ ඔවුන්ට ලබා දෙන්නේ නම් වෙලඳ දැන්වීම් ප්රචාරයෙන් ජාතික රූපවාහිනිය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ලාභයද ඔවුන්ට අහිමි වීමට නියමිතයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති ප්‍රනාන්දු මහතා පවසන්නේ ABU හි සමාජිකත්වය දරන ජාතික රූපවාහිනිය 2012 ඔලිම්පික් ක්‍රීඩා තරඟ විකාශය කිරීමේ අයිතිය දැනටමත් ලබාගන ඇති අතර එය වෙනත් නාලිකාවකට පැවරිය නොහැකි බවත්, අවශ්‍යය නම් රූපවාහිනියේ අවසරය මත එය නැවත විකාශනය කිරීමට හැකියාවක් පවතින බවත්ය.
ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ පිළිබඳව BBC සිංහල සේවයට පවසා තිබෙන්නේ CSN නාලිකාවේ අයිතිකරුවන් පිළිබඳව තමන්ට අදහසක් නොමැති අතර CSN නාලිකාව එලෙස ඔලිම්පික් තරඟාවලිය විකාශය කිරීමට සූදනමින් සිටින බවක් තමන් නොදන්නා බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව පුවත්පතකට අදහස් දක්වා තිබු රුපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කොට තිබුනේ Asia Pacific Broadcasting Union වෙත රුපවාහිනි සංස්ථාව මගින් ලිපියක් යොමු කොට සම විකාශන අයිතිය දෙන මෙන් ඉලා සිටි බවත් එම ලිපියට තවම පිළිතුරක් නැති බවත් යනුවෙනි.
CSN (කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්) නාලිකාව ආරම්භ කලේ ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ අදහසකට අනුවයි. ඒ ප්‍රයිම් ටි.වී නාලිකාව විකාශය වෙනුවෙන් ලබාගන තිබූ බලපත්‍රයටයි.
මෙම රුපවාහිනී නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වන යසාරා අබේනායකයි. යසාරා අබේනායක යනු ප්‍රවීන නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ දියණිය වන තනුජා අබේනායක හා ටෙලි නාට්‍ය නිෂ්පාදක ආනන්ද අබේනායක දෙපලගේ දියණියයි.
Source: http://www.gossip9.com/2012/03/csn.html#ixzz1pqohZEMr