Chitika Smowtion 468x60


Thursday, March 22, 2012

වීරකුමාර දිසානායකගේ වීරක්‍රියා


දේශපාලනයට එන බොහෝ දෙනෙක්ට පසුකාලීනව මුල අමතකවීමේ රෝගයක් තිබේ. ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය ඇමතිවරයෙකු පසුකාලීනව රජයට සහය දක්වා ජාතික නිදහස් පෙරමුණ ඔස්සේ වර්තාමානයේ ක්‍රියාකරන්න වූ  නිර්ලජ්ජිත ආකාරය පිලිබඳ හෙළිකිරීමට මෙම ලිපියෙන් අප අදහස් කරන්නෙමු.

කිසිදු ඇමතිවරයෙකුගේ පෞද්ගලික ජිවිත තුලට එබී බැලීමට අපට අවශ්‍යය නැතත් ඔවුන් නාස්ති කරන්නේ මහජන මුදල් නම් ඒ පිලිබඳ වාර්තා කිරීමට අපට යුතුකමක් මෙන්ම දැනගැනීමට පාඨක ඔබට අයිතියක් ඇත.

මේ හෙළිදරව්ව සම්ප‍්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යාවසාය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පිළිබඳවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගම්පලාතේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවයකල දැකුම්කලූ යුවතියක් තම රාජකාරී කටයුත්තක් සඳහා උදව්වක් ලබාගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරයා මුණගැසී තිබේ.


පළමුවර දැකුමෙන්ම ඇය පිළිබදව පැහැදුණු අමාත්‍යවරයා, ඇයගේ සහෝදරයාගේ ඉල්ලීම මත තමන්ගේ පෞද්ගලික ලේකම් ලෙස බඳවාගෙන ඇත. එතැන් පටන් ඈ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරන්න පටන්ගෙන ඇති අතර ඇය ලබා තිබු හමුදා පුහුණුවත් සිත් බඳනා රූ සපුවත් යට එම තනතුරේ පිහිටීමට ප්‍රමාණවත් වී ඇත.
මේ හේතුවෙන්ම අමාත්‍යවරයාට තම අඹුදරුවන් අමතක වී ගොස් ඇති අතර සිය බිරිඳ හා දරුවන් ගැන සෙවීම වෙනුවට පෞද්ගලික ලේකම්වරිය ගැන සෙවීමට පටන්ගෙන ඇත.ඒ අනුව උදෑසනින්ම කාර්යාලයට එන අමාත්‍යවරයා හවස්වන තෙක් පෞද්ගලික ලේකම්වරිය සමග එහි ගතකොට ඇත.

ඒ අනුව ඇයට ඇදුම් පැළදුම් අරන්දීමේ සිට සියලු ඕනා එපාකම් ඉටුකර ඇත්තේ අමත්‍යවරයා විසිනි. මේ හේතුවෙන් කාර්යාලයේ අමාත්‍යවරයාට පසුව වැඩිම බලයක් ඇති නිලධාරිනිය ලෙසට පෞද්ගලික ලේකම්වරිය ඉස්මතුවුයේ අධ්‍යාපන සුදුසුකම් ඇති පිරිස් කුණු කුඩයට ඇද දමමිනි.

දිනක් කාර්යාලයේ තිබු 
ඇගේ මේසය ඇයට නොකියා වෙනස් කිරීම හේතුවෙන් කෝපයට පත් පෞද්ගලිකලේකම්වරිය කාර්යාලයේ සියලු දෙනාට බැන වැදී ඇත.මෙය ඇසුණු නියෝජ්‍ය අමාත්‍යවරයා කාර්යාලයේ අනෙක් අයට පෙනෙන්නට කාර්යාලයේ බිත්තියට පා පාහරක් ගසා ඇත්තේ එයින් ඔහු කෙතරම් කෝපයට පත්වීද යන්න පෙන්වීමටයි.

එම පා පහර හේතුවෙන් ඇලුමිනියම් ගසා වෙන්කර තිබු කාර්යාල බිත්තිය දෙපලු වී ගොස් තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයාට ඇති චෝදනා ලැයිස්තුව 
  1. නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 115 කට මාලඹේ ප්‍රදේශයෙන් නිවසක් පෞද්ගලික ලේකම්වරියට ලබා දීම
  2. පසුගිය වසරේ දෙදෙනාගේ අතිරේක වාහන වියදම රුපියල් ලක්ෂ 20 කි.
  3. වතුර බෝතල් සඳහා මසක වියදම ලක්ෂයකි
  4. නව වසර වෙනුවෙන් මුද්‍රණය කල සුබපැතුම්පත් කාඩ් 16000 න් 8000 ක් පමණ තවමත් කාර්යාලයයේය.
  5. අමාත්‍යංශයට අයත් කාර්යාල උපකරණ  නියෝජ්‍ය  අමාත්‍යවරයාගේ පක්ෂ කාර්යාලයට ගෙන ගොස්ය.
  6. ලක්ෂ 115 කට මිලදී ගත් නිවසට රජයෙන් ගෙවල් කුලී දීමනාවක් ලෙස රුපියල් 50,000 ක් ලැබෙන අතර එය ලබා ගන්නේ පෞද්ගලික ලේකම්වරියයි.
  7. ලක්ෂ එකහමාරක මාසික කුලිය යටතේ පෞද්ගලික ලේකම්වරියට මෝටර් රථයක් ලබා දීමට සැලසුම්කර තිබීම.




Source: http://www.gossip9.com/2012/03/blog-post_4790.html#ixzz1pqmX8oEY 

Share this article with your friends