මානව හිමිකම් කවුන්සිලය
මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192 ක් අතුරින් ජන්ද විමසීමකින් බහුතර කැමැත්තට තෝරා පත්කරගත් ඊට අනුබද්ධ ආයතනයකි.සාමාජික රටවල් 47 කි.එක්සත් ජාතීන්ගේ ඕනෑම රටකට එහි විවෘත සභාවාරය තුල බහුතර ජන්දයකින් මෙයට තේරී පත්විය හැක. ධුර කාලය වසර තුනකි.මෙහි සාමාජිකත්වය ලෝක භූගෝලීය ආරක්ෂාවන පරිදි සාධාරණ ලෙස බෙදී යයි.
වර්තමාන සභාපතිත්වය උරුගුවේ රාජ්‍යය විසින් දරනු ලබයි.මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අරමුණෙන් පිහිටුවාගත් මෙහි වගකීම වන්නේ අන්තර්ජාතික මට්ටමින් මානවහිමිකම් ආරක්ෂා කිරීමයි.
ලංකාවට යුධ අපරාධ චෝදනා
යුද්ධයේ අවසන් අදියරේ ශ්‍රී ලංකා හමුදාව විසින් අන්තර්ජාතික නීතියට විරුද්ධව යමින් යුධ අපරාධ සිදු කල බවත්ය ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලංකාවට චෝදනා කරන ලදී. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා විසින් මේ පිළිබඳව සොයා බැලීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී.
දරුස්මාන් වාර්තාව නමින් එලි දැක්වූ මෙමගින් ශ්‍රීලංකාව විසින් යුධ අපරාධ සිදුවී ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති පෙන්වා දෙන ලදී. ඒ පිළිබඳව විමර්ශනය කල යුතු බවක්ද යෝජනා කෙරිණි.නමුත් මෙයට විරුද්ධ වූ රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි මුන්ට විරුද්ධත්වය පා අපේම වාර්තාවක් ඉදිරිපත් කිරීමට කල් ලබා ගැනීම සිදු කරන ලදී.
දරුස්මාන් වෙනුවට උගත්පාඩම්
ඒ අනුව ජනාධිපතිවරයාගේ අතීත මිත්‍රයකු වන සි.ආර් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසම පත්කරන ලදී. එහි අරමුණ වුයේ අන්තර්ජාතිකව නැගෙන යුධ අපරාධ චෝදනා තමන්ගේම ක්‍රමයට විමර්ශනය කිරීමයි.ආණ්ඩුවට පක්ෂ පුද්ගලයන්ගෙන සමන්විත සංහිඳියා කොමිසම නොසිතු අයුරින් යුද්ධයේ අවසන් අදියර තුල යම් යම් සිදුවීම් සිදුවී ඇති බවද ඒවාට නිර්දේශද ඉදිරිපත්කර තිබුණි. නමුත් එම නිර්දේශ ඉදිරිපත්කිරීමට කාල රාමුවක් ඉදිරිපත්වී නොතිබූ නිසා එම නිර්දේශයන් යට යමින් පැවතුනි.
නමුත් ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ලංකාව ගැන අවධානය යොමු කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වන බව කි නිසා රජය කලබලයට පත්විණි. ඒ හේතුවෙන්ම කලබලයේ කාල රාමුවක්ද සකස් කරන ලදී.නමුත් ඒ වවන විටත් ඇමරිකානු යෝජනාව සභාගතකර අවසන්ය '
ඇමරිකානු යෝජනාව වන්නේ
- උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසමමගින් නියම කල වැදගත් නිර්දේශ ක්‍රියාවට නැගීම හා ඒ වෙනුවෙන් අවශ්‍යය නීති සංශෝධනය කිරීම
- එම යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයේ 20 වන (ඊළඟ) සැසිවාරයට ක්‍රියාකාරී සැලැස්මක් සහ කාලසටහනක් ඉදිරිපත් කිරීම
- එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම
පැරදුනත් මුකුත් වෙන් නෑ - ජනපති
පසුගියදා කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරු ජනාධිපතිවරයාගෙන් විමසා තිබුනේ ජිනීවා පරාද වුනොත් වෙන්නේ මොනවාද යන්නයි.එයට ජනපතිගේ පිලතුරු දී ඇත්තේ "මුකුත් නෑ" යනුවෙනි.උගත් පාඩම් වාර්තාවේ ප්‍රධාන නිර්දේශ
Source: http://www.gossip9.com/2012/03/blog-post_4183.html#ixzz1pqysBuNJ