Thursday, March 22, 2012
ඇමරිකාව ගෙනා මානව හිමිකම් යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි
රටවල් 47ක සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ 19 වන මානව හිමිකම් සැසිවාරය පසුගිය 27වනදා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී ආරම්භ වුණා.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව, උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාවක් එදිනම අමෙරිකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කරනු ඇතැයි සිතා රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැවැත්වුනු නමුත් එවන් යෝජනාවක් එදින ඉදිරිපත් වුනේ නැහැ. ඒ නිසා රටේම ජනතාව සිටියේ මේ පිළිබඳව අවධියෙන්.
ඇමරිකාව විසින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාව අද ඉදිරිපත් කළ අතර මීට ටික වේලාවකට පෙර වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනවා.
යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 24 ක්ද, එරෙහිව ඡන්ද 15 ක්ද ලැබුණ අතර රටවල් 8 ක නියෝජිතයින් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
යෝජනවට විරුද්ධව ජන්දය පාවිච්චි කළ රටවල් වන්නේ චීනය, රුසියාව, තායිලන්තය, කියුබාව, ඉන්දුනීසියාව, බංගලා දේශය, මාලදිවයින, ඉක්වදෝරය, කිරිකිස්තානය, පිලිපීනය, උගන්ඩාව, ඇංගෝලාව, කටාර්, කුවේට් සහ සෞදි අරාබියයි
ඉන්දියාව එම යෝජනාවට විරුද්ධවනු ඇතැයි සිතූවද අවසන් මොහොතේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දියාව තීරණය කිරීම ලංකාවට බොහෝ අවාසිදායක වුණා.
”ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීමට පෙර අප ඒ යෝජනාවලිය හොඳින් අධ්‍යනය කළ යුතුයි. එම යෝජනාවලිය තවමත් අප අතට පත්වී නැහැ. ශ්‍රී ලංකා දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන්න දෙන්න බැහැ. ඔවුන්ගේ ගෞරවය අප ආරක්ෂා කළ යුතුයි. එනිසා ඇමෙරිකාවේ යෝජනාවලිය අප සහයෝගය දීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා" යනුවෙනුයි අගමැති සිං මැතිසබය අමතමින් පසුගියදා කියා සිටියේ.
ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශය කිරීමත් සමග ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සිටි අප්‍රිකා හා මැදපෙරදිග රටවල් රැසක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පිළිබඳ ජන්ද විමසීමේදී සිය ජන්දය භාවිතා නොකිරීමේ තීරණයකට එළඹ තිබූ අතර එය ලංකාවට මහත් අවාසියක් ගෙනදී තිබෙනවා.
යුද්ධයේ අවසන් මාසය තුළ සිවිල් ජනයා 40,000ක් මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සංවිධානය රජයට චෝදනා කරන අතර රජය පැවසුවේ මිය ගිය සිවිල් වැසියන්ගේ ගණන 8,649 ක් බවයි.
ජිනීවා යෝජනාව පරාජයට පත්වන බව ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදීන් පවසා තිබුන අතර එම අනාවැකි සියල්ල බොරු වී තිබෙනවා.
Source: http://www.gossip9.com/2012/03/blog-post_2712.html#ixzz1pqt3bJjS
ඇමරිකාව ගෙනා මානව හිමිකම් යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි
2012-03-22T19:00:00+05:30
Admiral