Chitika Smowtion 468x60


Monday, March 19, 2012

අධි ආරක්ෂිත කලාපයක තිබී රැකගැන්මට බැරිවූ කෞතුකාගාරය


කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත බොහෝ දෙනෙකුගේ හද සසල කරවන්නක් වුණා.

මේ වන විට හඳුනාගෙත හැකි ආකාරයට මහනුවර යුගයට අයත් රන් ආලේපිත අසිපත් 08 ක්, බස්‌තමක හිස කොටසක්‌, රන් මුදු 6ක්‌, දඹ රන් කහවනු 92ක්‌, ඉපැරණි මුදල් නෝට්‌ටු තොගයක්‌ සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

එහි තිබූ කැමරා පද්ධතිය පිළිබඳව විවිධ පුද්ගලයක් පවසන්නේ විවිධ අදහස්.

කෞතුකාගාර අධ්‍යක්ෂ වරිය ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ එම කැමරා පද්ධතිය ඉතා හොඳින් ක්‍රියා කළ බවත් එහි අඩංගු පටිගත දත්ත පොලීසියට ලබා දුන් බවත්ය. ඇය පවසන්නේ අනතුරු ඇඟවීමේ නලා පද්ධතියක් නොතිබුණු එම කැමරා පද්ධතිය නයිට් විෂන් වර්ගයේ එකක් බවයි.

නමුත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පවසන්නේ එම කැමරා පද්ධතිය සොරකමට දින දෙකකට පෙර සිට ක්‍රියාත්මක වී නැති බවයි.

අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා කෞතුකාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය දින දෙකක්‌ තිස්‌සේ අක්‍රියකර තිබූ නිසා ඒ පිළිබඳව හොඳින් දැනසිටි පිරිසක්‌ පසුගිය 16 වැනිදා කෞතුකාගාරය වසා දමන අවස්‌ථාවේත් එහි සැඟවී සිට ඇත

රාත්‍රි කාලයේදී මෙම පුරාවස්‌තු සොරකම සිදුවී ඇති අතර පුරාවස්‌තු සොරාගත් පුද්ගලයා රන්කාසි, මුදු සහ අසිපත් ඇතුළු පුරාවස්‌තු සියල්ල තැන්පත් කර තිබූ වීදුරු අල්මාරි කඩා බිඳ දැමීමක්‌ නොකර අගුලු ඉතා සූක්‍ෂම ලෙස විවෘත කර පුරවස්‌තු රැගෙන ඇත.

ඉන්පසු ඔහු සියල්ල සොරාගෙන කෞතුකාගාරයේ දෙවැනි මහලේ දොරක්‌ විවෘත කරගෙන සඳලුතලයට පැමිණ දෙවැනි මහලේ සිට ඇතිරිල්ලක්‌ කඹයක්‌ ලෙස යොදාගෙන පහළ සිටි පුද්ගලයකුට සොරාගත් අසිපත් ඇතුළු පුරාවස්‌තු ලබාදී ඇත.

පසුව එම පුද්ගලයා ද දෙවැනි මහලේ සඳලු තලයේ සිට ඇඳ ඇතිරිල්ලේ එල්ලී පහළට පැමිණ පුරාවස්‌තු තොගයද රැගෙන පලාගොස්‌ තිබේ.

සිද්ධිය වූ දින කෞතුකාගාරයේ ආරක්‍ෂාවට සිට ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් තිදෙනකු පමණි. මේ අතර රාජකාරි නොමැතිව ආරක්‍ෂක නිලධාරි විවේකාගාරයේ තවත් නිලධාරීන් සිව්දෙනකු රැඳී සිට ඇති බවද හෙළිවී තිබෙනවා.

මෙම පුරාවස්‌තු සොරකම ගැන පරීක්‍ෂා කිරීම සඳහා යෙදවූ පොලිස්‌ නිල සුනඛයන් කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරී විවේකාගාරය වෙත ගිය බවද රහස්‌ පොලිසිය කියා සිටියා. පුරාවස්‌තු හොරකම සඳහා කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරීන්ගේ කිසියම් සහයක්‌ ලැබුණේ ද යන්න පිළිබඳ පොලිසිය සොයා බලාගෙන යයි.

කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරීන් 17 වැනිදා පෙරවරුවේ එය විවෘත කර පරීක්‍ෂා කරද්දී එහි තිබූ භාණ්‌ඩ රැසක්‌ අතුරුදන් වී ඇති බව හෙළිදරව් විය. කෞතුකාගාර ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය වෙත දැනුම් දීමෙන් පසුව පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. අක්‌කර 08 ක භූමි භාගයක්‌ පුරා පැතිරුණ කෞතුකාගාර භූමිය ආරක්‍ෂාව සඳහා සිට ඇත්තේ නිලධාරීන් තිදෙනකු පමණි. මිල කළ නොහැකි වටිනාකමකින් යුත් අති විශාල පුරාවස්‌තු ප්‍රමාණයක්‌ තැන්පත් කර ඇති කෞතුකාගාරය වෙත ලබා දුන් ආරක්‍ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පොලිසිය පවසයි.



සොරාගත් පුරාවස්‌තු රටින් පිට කිරීම වැළැක්‌වීම සඳහා වරාය සහ ගුවන් තොටුපළ රේගුව වෙත ඒ පිළිබඳව දැනුම් දීමට ද පොලිසිය කටයුතු කර ඇත. මෙම මහා පුරා වස්‌තු පිළිබඳ වැදගත් තොරතුරක්‌ වෙතොත් පොලිසියට දැනුම් දීමට කටයුතු කරන මෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී

මහනුවර කෞතුකාගාරයේ අද ඇත්තේ ඓඓ වන රාජසිංහ රජුගේ ඔටුන්නේ අනුරුවකි. සැබෑ ඔවුන්න 1961 සැප්තැම්බර් 18 රාත්‍රී සොරුන් විසින් රැගෙන ගොස් තිබුනේ එම ශාලාවේ ලී සිවිලිමේ ලෑලි ගලවා කඹයක ආධාරයෙන් ඇතුල්වීමෙනි.

1612- 1687 කාලයේදී ජීවත් වූ රාජසිංහ රජතුමා පෘතුගීසීන් සමඟ කළ සටනක්‌ ජයග්‍රහණය කළ අවස්‌ථාවේදී සිය රන් ඔටුන්න, රන් කඩුව සහ රන් රාජාභරණ පන්සලකට පූජා කළ අතර නුවර කෞතුකාගාරයට ඔටුන්න ලැබුණේ එම පන්සලෙනි.

හොරු කණ්‌ඩායම ඔටුන්න හොරකම් කර එහි රතු කැට 41 ක්‌ ගළවා මල්කම් කළ රන් තහඩුව කතුරකින් කැබලි 300 කට කපා තිබිණි. මෙයින් රතු කැට 41 ක්‌ සහ රන් කැබලි 2 ක්‌ කැලණියේ නිවසකින් සොයා ගැනීමට 1961 ඔක්‌තෝබර් 8 වැනිදා පොලිසියට හැකි විය. ඉතිරි රන් කැබලි 298 පිළිබඳ කතාව ඉතා ශෝචනීයය. මේ රන් කැබලි තොගය සොරුන් විසින් කොළඹ හෙට්‌ටිවීදියේ රන්කරුවකුට රුපියල් 2,010 කට විකුණන ලදී. රන්කරු එම රන් උණුකර පවුමේ කාසි 36 ක්‌ තනා තිබිණ.




Source: http://www.gossip9.com/2012/03/blog-post_19.html#ixzz1pYx0o16K 


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends