අධිකරණ නියමය අනුව රුපියල් ලක්ෂ හතරක් මී ගවයන්ගේ අයිතිකරුවන් යයි කියන අයට ගෙවා ගන්නට අපොහොසත්ව සිටින ධම්මවංශ හිමියෝ මීගවයින් 23 දෙනාට ජීවිත දානය ලබාදීමේ අදිටනින් මාස 6ක සිර දඬුවම් විඳීමට සැදී පැහැදී සිටින බවයි එම ලිපියෙන් කියවුනේ .
ඒ අනුව එම පුවත දුටු බොහෝ පාඨකයන් අප විසින් සඳහන් කළ බැංකු ගිණුමට මුදල් ලබාදී මිරිස්සේ ධම්මවංශ හිමියන්ට මි ගවයන් බේරාගැනීමේ සත් කාර්යයට හැකි පමණනින් දායක වී තිබුනා.
පසුගියදා අප ඇමතු මිරිස්සේ ධම්මවංශ හිමියන් කියා සිටියේ අදාළ පුවත දැකීමෙන් අනතුරුව බොහෝ දෙනෙක් උදව් කිරීමට ඉදිරිපත්වූ බවත් එම හේතුවෙන් කෙටි කලක් තුලදී අධිකරණය නියම කල දඩ මුදල ගෙවා ගනීමට හැකි වූ බවත් කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ අප වෙබ් අඩවියේ පළවූ ලිපියට දෙතුන් දෙනෙකු උන්වහන්සේ පිලිබඳ අසත්‍යය චෝදනා නගා තිබෙනු දුටු බවත් තමා කරගෙන යන ක්‍රියාවන්ට විරුද්ධ පිරිස් විසින් එසේ දිගින් දිගටම මඩ ප්‍රචාර ගෙනයන බවත් සඳහන් කර සිටියා.
මිරිස්සේ ධම්මවංශ හිමියන් විසින් මෙම සත්ක්‍රියාවට දායක වූ ඔබ හැමටම පින් අනුමෝදනා කිරීමද සිදුකරන ලදි.
Source: http://www.gossip9.com/2012/03/blog-post_7717.html#ixzz1pZ62kDWg