ඒ අනුව පසුගිය මාසයේ ටී.බී ජයාමාවතේම වෙනත් ස්ථානයකට තාවකාලිකව පක්ෂ මූලස්ථානය රැගෙන ගොස් ඇත. තාවකාලික කාර්යාලය ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ලේ හිමිකරුවා වන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ ඥාතියෙකි.
පක්ෂ මූලස්ථාන කාර්යාලය නව ගොඩනැගිල්ලකට ගෙනයාමෙන් පසු පැරණි ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කොට සුලූසුලූ අලූත් වැඩියාවන් කිරීම ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහන කුලසිරි මහතා වෙත පවරා ඇත. ඒ අනුව එම අලූත් වැඩියාවන් සඳහා ලක්ෂ 750 කට වැඩි මුදලක් වැයවන බවට ඔහු ජනාධිපතිවරයා වෙත දැනුම්දීමෙන් පසු ජනාධිපතිගේ අනුමැතිය මත එහි වැඩකටයුතු ආරම්භ කර තිබේ.
තවද පක්ෂ මූලස්ථානයේ පිටුපස තිබෙන ශ්‍රී ල.නි.ප නිල පුවත්පත වූ ‘දිනකර’ පුවත්පත් කාර්යාලය හා මුද්‍රනාල ගොඩනැගිලි කඩා දමා එම ස්ථානයේ රථවාහන ගාලක් ඉදිකරන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ කැසිනෝ ධම්මික පෙරේරා මහතාය. ඒ අනුව එම ගොඩනැගිලි කඩා ඉවත්කිරිමද මේ වනවිට සිදුවෙමින් පවතී.
පසුගිය දිනෙක ශාරීරික ව්‍යායාම් සඳහා යන අතරවාරයේ ජනාධිපතිවරයා ධම්මික පෙරේරා මහතා සමග පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල අසලට පැමිණ විනාඩි කිහිපයක් එම ගොඩනැගිල්ල ඉදිරිපට වාහන නවතා අලූත් වැඩියාවන් සම්බන්ධයෙන් සොයාබලා තිබේ. එහෙත් ඔවුන් දෙදෙනාම වාහනයෙන් එළියට නොආ බව ගොඩනැගිල්ලේ මුරකරු ශ්‍රී ල.නි.ප මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබිණ.
තවද මේ වනවිට ශ්‍රී ල.නි.ප මුලස්ථාන ගොඩනැගිල්ලේ 4 වන මහලේ පවත්වාගෙන යන රණවිරු සේවා අධිකාරියේ කාර්යාලය අපේ‍්‍රල් මස අවසන්වීමට පෙර ඉවත් කරගන්නා ලෙස දැනුම්දී ඇති ජනාධිපතිවරයා, ඔවුන් වෙනුවෙන් මහවැලි ආර්ථික ඒජන්සි ගොඩනැගිල්ලේ මහලක් වෙන්කර දී තිබේ.
කෙසේ වුවද ශ්‍රී ල.නි.ප මුලස්ථාන ගොඩනැගිල්ලේ අලූත් වැඩියාවෙන් පසු එය විකුණාදමා, පක්ෂයට අයත් පාර්ලිමේන්තුව අසල ඉඩමේ නවීන පක්ෂ මූලස්ථානයක් ඉදිකරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ. එහෙයින් මෙම ගොඩනැගිල්ල මිලට ගන්නා ලෙස ජනාධිපතිවරයා මහජන බැංකු සභාපතිවරයාගෙන් මුලදී ඉල්ලීමක් කර තිබිණ. එහෙත් ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකුවන මහජන බැංකු සභාපති කරුණාජීව මහතා, මේ වනවිට මහජන බැංකුවද ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් හදිසියේ එවැනි තීරණයක් ගැනීමට නොහැකි බව පවසා තිබේ. එසේ මෙම ගොඩනැගිල්ල මිලදී නොගන්නේනම් ශ්‍රී ල.නි.ප මුලස්ථානයේ බිම්මහලේ පවත්වාගෙන යන මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාව ඉක්මනින්ම ඉවත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී කරුණාජීව මහතාට පවසා ඇත.
මෙම ගොඩනැගිල්ල මිලදී ගෙන සාධාරන මුදලක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කැසිනෝ ධම්මිකගෙන් ඉල්ලා ඇත්තේ ඉන් අනතුරුවය.
මේ අනුව 1970 මුල්වකවානුවේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව වූ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැදිහත්වීම මත ඉදිකරනු ලැබූ මහල් පහකින් යුතු පක්ෂ මූලස්ථානය කැසිනෝ ව්‍යාපාරයකට හිමිවීමට නියමිතය.
Source - lankanewsweb.com