එවැනි දූෂිත චෝදනා එල්ලවී ඇති මන්ත්‍රීවරුන්ට ඡන්දය ඉල්ලීමට අපේක්ෂකත්වය නිර්දේශ කොට ඇත්තේ කවුරුන් විසින්ය යන්න සොයාබලා වාර්තා කරන ලෙස පක්ෂ මුලස්ථානයේ පාලක ලේකම් ආරියසේන මහතා වෙත ඔහු විසින් දැනුම්දී තිබීමත් ජනාධිපතිවරයාගේ බලවත් කෝපයට හේතුවී තිබේ.
ජනාධිපතිවරයාගේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිර්දේශ මත අපේක්ෂකත්වය ලබාගෙන මන්ත්‍රීවරුන් බවට පත්ව දූෂනවල නියැලී සිටින පුද්ගලයින් පොලිස්පතිවරයා ලවාම නිල වශයෙන් තවුරු කිරීම මෛත්‍රීපාල ඇමතිවරයාගේ උත්සාහය බවත්, ඒ සඳහා තිලංග සුමතිපාල මන්ත්‍රිවරයාගේ ලක්බිම පුවත්පතින් උපරිම ප්‍රචාරයක් ලබාදී ඇති බවත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා හමුවී පැහැදිලි කර ඇත.
එවැනි දූෂිතයින්ගේ ලැයිස්තුවක් සකස් කළ හොත් ජනාධිපතිවරයාගේ හා නාමල් මන්ත්‍රීවරයාගේ නිර්දේශ මත තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්ව විදේශිකයෙකු මරාදැමූ අයගේ සිට තවත් එවැනිම පුද්ලයන් රාශියකගේ නම් හෙළිදරව් වනු ඇති බවත් මෙය පැහැදිලිවම මෛත්‍රීපාල ඇමතිවරයාගේ කුමන්ත්රනයක් බවත් අලහප්පෙරුම ඇමතිවරයා ජනාධිපතිවරයාට අවධාරනය කර ඇත. ඒ අනුව වහාම පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති ජනාධිපතිවරයා මෛත්‍රීපාල ඇමතිවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු ලිඛිත ප්‍රකාශයක් ලබානොදෙන්නැයි නියෝග කර තිබේ.
මීට අමතරව මෛත්‍රීපාල ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවක අර්බුද හා ආයතනික ගැටලූ සම්බන්ධයෙන් මැදිහත් නොවීම පිළිබදවත් එයින් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, පැහිදිලි කර ඇති ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා, පරිපූරක වෛiවරුන්ගේ වැඩවර්ජනය විසඳීමට මෛත්‍රීපාල ඇමතිවරයා කිසිදු මැදිහත් වීමක් කර නැතැයිද ජනාධිපතිවරයාට පවසා තිබේ.
එසේම 19 වනදා පැවත්වෙන අධිෂ්ඨාන පූජා වැඩසටහනට ශ්‍රී ල.නි.ප මහලේකම් ලෙස මෛත්‍රිපාල ඇමතිවරයාගෙන් නිසි සහායක් නොලැබුනු බවද අලහප්පෙරුම ඇමතිවරයා ජනාධිපතිවරයාට අවධාරනය කර ඇත.
Source - lankanewsweb.com