
අප වෙත වාර්තා වෙන පරිදි, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විමල් රූබසිංහ මහතා පත්වීමෙන් පසුව, නෙළුම් පොකුණ රඟහල ඉදිකිරීමේ කාර්යේදී ට‍්‍රාන්ස්ෆෝමර් දෙකක් රුපියල් ලක්ෂ සීයයකට මිලදී ගැනීමට කටයුතු කර රජයේ ටෙන්ඩර් රෙගුලාසි මුළුමනින්ම උල්ලංගනය කර තිබේ. මෙම මිලදී ගැනීම ඩිමෝ ආයතනයෙන් සිදු කිරීමට අරමුදලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළ මුත්, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මෙම කටයුත්ත සිදුකිරීමට එවකට වැඩ බැලූ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්. කොඩිතුවක්කු මහතා එයට අකමැති වූ බැවින් එය ආපසු අමාත්‍යාංශ ලේකම්වෙත දන්වා යැවීමට කටයුතු කර ඇත.
එසේම මධ්‍යම සංස්කෘතික අරමුදලින් අධ්‍යක්ෂ පාලන ලෙස කටයුතු කරන ආර්.කේ ජයවීර මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අයතා පත්වීමක් ලැබ, වංචනික වැටුප් ලබමින් සිටින බව ජනාධිපති විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ කටයුතු සිදු කොට එහි පරීක්ෂණ වාර්තාව ජනාධිපති ලේකම් වෙත ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ජනාධිපති ලේකම් විසින් එම වංචනික වැටුප් අයකර ගැනීමටත්, ඔහුගේ වැරදි පත්වීමට අදාළව නිසි පියවර ගන්නා ලෙසත් නියෝග කර තිබියදී එම නියෝගය මගහැර මෙම දූෂිත අධ්‍යක්ෂ පාලන ආරක්ෂා කිරීමට අමාත්‍යාංශ ලේකම් විමල් රූබසිංහ මහතා කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු අධ්‍යක්ෂක පාලන ජයවීර මහතාගෙන් අයතා තුඩුපඬුරු ලබාගෙන ඇති බව මේවනවිට අමාත්‍යාංශය තුළ ප‍්‍රසිද්ධ රහසක් බවට පත්වී තිබේ.
අමාත්‍යාංශ ලේකම් විමල් රූබසිංහ මහතා ගැහැණු අන්තුවෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්වී ඇති අතර රජයේ ඉහළම පුද්ගලයන් කිහිපදෙනෙකුට රජයේ නිලධාරිනියන් සැපයීම මගින් ඔහුට ඇති චෝදනාවලින් ගැලවීමට කටයුතු කර තිබේ. ඔහු ඇසුරුකරන කාන්තාවන් කිහිදෙනෙකු පිළිබඳවත් ඔවුන්ට ලබා දී ඇති වරප‍්‍රසාද පිළිබඳව තොරතුරු රාශියක් අප වෙත ඇතත් ඒවා හෙළිදරව් කිරීමෙන් එම කාන්තාවන්ට ඇති විය හැකි අපහසුතාවය සලකා අප එම තොරතුරු ප‍්‍රසිද්ධියට පත් නොකරමු.
තවද නාවිමන සාක් සංස්කෘතික මධ්‍යස්ථානය අවුල් ජාලාවක් බවට පත් වී තිබේ. එහි අයතා යකඩ ගණුදෙණුවලින් පිරී පවතී. මෙම යකඩ සඳහා රුපියල් මිලියන ගණනක සන්තෝසමක් මෙම ලේකම්වරයා ලබාගෙන ඇත. එසේ කර ඇත්තේ යකඩ සුදුසු නැති බවට ගොඩනැගිලි පර්යේක්ෂණ ආයතනය තත්ත්ව වාර්තාවක් දී ඇති විටකය.
එසේම ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවෙන් කුඩා සිනමාහලක් ඉදිකිරීම සිදුවූයේ ටවර් හෝල් ශාලිවේ උඩු මහලේය. එය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව වෙනුවෙන් රුපියල් මිලියන දෙකකට වැඩි මුදලක් අමාත්‍යාංශ ලේකම්වරයා වාර දෙකකදී ලබා ගෙන ඇත. මේ පිළිබඳව ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂක ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා සාක්ෂි දරයි.
තවද රුපියල් මිලියන 100ක වියදමකින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අදාළ කටයුතු සිදුකරමින් පවතී. ඒ සඳහා මෙතෙක් ටෙන්ඩර් කැඳවා නොමැත. තමාට එවැනි ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔහු දැනටමත් සඳහන් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇත්තේ මෙම විමල් රූබසිංහ නැමැති අමාත්‍යාංශ ලේකම්වරයාය.
Source - lankanewsweb.com