Chitika Smowtion 468x60


Tuesday, April 3, 2012

මාසයක් විදුලිය නොමිලේ ලබා ගන්න කැමතිද?


මාසික විදුලි බිලෙන් 20% ක් අඩු කරගන්නා විදුලි පාරිභෝගිකයන්ට මාසයකට විදුලිය නොමිලේ සැපයීමට විදුලිබල හා බල ශක්ති අමත්‍යාංශය තීරණය කොට තිබෙනවා.මේ වැඩපිළිවෙලට ලංකා විදුලිබල මණ්ඩලයෙන් හා ලංකා විදුලි පෞද්ගලික සමාගම සහය පළකර තිබෙනවා. 

මේ වැඩ පිළිවෙල අප්‍රේල් මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන අතර, තම විදුලිබිල 2012 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 20% කින් අඩු කරගන්නා පාරිභෝගිකයන් මෙම වැඩපිළිවෙලට සුදුසුකම් ලබනවා. එසේම මාර්තු මාසයට සාපේක්ෂව 10% කින් විදුලිබිල අඩු කරගන්නා පාරිභෝගිකයන්ට සිය මාසික විදුලි බිලෙන් 50% ක වට්ටමක් ලබා ගත හැකියි.

මේ සදහා සහභාගී වීමට කැමති පාරිභෝගිකයන් කලින් ලියාපදිංචි විය යුතුය. ඉන් පසු අප්‍රේල්, මැයි හෝ ජුනි යන මාස තුනෙන් එක් මාසයක හෝ අදාල අගය විදුලි බිලෙන් අඩු කරගැනීමෙන් මෙම අවස්ථාවරැ සහභාගී වීමට සුදුසුකම් ලබා ගත හැක. ඉන් පසු කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්‍රහකයන් 1,000කට මසක් විදුලිය නොමිලේද, තවත් ජයග්‍රහකයන්  5,000 කට මාසික විදුලි බිලෙන් 50% ක වට්ටමක් හිමිවේ.

ඒ සදහා ලියාපදිංචි වන ආකාරය පහත දැක්වේ. 





Source: http://www.gossip9.com/2012/04/blog-post_03.html#ixzz1qyILHViU

Share this article with your friends