Chitika Smowtion 468x60


Tuesday, April 3, 2012

ලොකුගේ ගෙ ගෝලයා බක්මහ මංකොල්ලයක


ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ පූර්ණ ආශිර්වාදයෙන් කැස්බෑව නගරාධිපති ලක්ෂ් පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව කැස්බෑව සූරිය උදානය බක්මහ උළෙල 2012 අප්‍රේල් 14,15 දිනවල පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සදහා කැස්බෑව නගරසභාව, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිලියන්දල පොලීසිය ඒකාබද්ධව කටයුතු සංවිධානය කරමින් සිටී. එයට අනුග්‍රහය සහ දායකත්වය ලබාගැනීම සදහා 2012.03.17 දිනැතිව කැස්බෑව නගරසභාවේ ලිපි ශීර්ෂයෙන් ලක්ෂ්මන් පෙරේරා විසින් ව්‍යාපාරික භවතුන්ට, රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට, බක් මහ උළෙලේ සහ සහසංගීත සන්දර්ශණයේ වියදම් ඇස්තමේන්තුව යවා ඇත. බැංකුවලින් අවම වශයෙන් ලක්ෂ තුනක්ද සෑම ව්‍යාපාරික ස්ථානයකින්ම රුපියල් 50,000ක්ද ලබාදියයුතු බවද නියමකර ඇත.
එය මෙසේයි. ලිස්සන ගහ - ප්‍රතම ත්‍යාගය මුදලින් රුපියල් 30,000ක් ප්‍රචාරක කටයුතු සදහා 20,000, ප්‍රවාහනය සදහා ලක්ෂ 12ක්, පොල්ගෑමේ තරගය - ප්‍රථම ත්‍යාගය රුපියල් 7,500 සංවිධාන කටයුතු රුපියල් 5,000ක්, අවුරුදු කැමරිය - රුපියල් 60,000 හැඩගැන්වීම සදහා රුපියල් 35,000 ප්‍රචාරක කටයුතු රුපියල් 85,000ක්, සිගිති අවුරුදු කුමරිය - ප්‍රථම ත්‍යාගය රුපියල් 20,000 ප්‍රදාරක කටයුතු සදහා රුපියල් 35,000 සංග්‍රහ රුපියල් 50,000 අමතර වියදම් රුපියල් 75,000ක්, සම්බන්ධීකරන සහ සංග්‍රහ වියදම් රුපියල් 500,820ක් වශයෙනි.
තරග ඉසව් 33 කින් සමන්විත උත්සවයේ සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 53ක් බව ඇස්තමේන්තු කර ඇත. එම මුදල් ලක්ෂ්මන් පෙරේ‍රා පදනමේ පුද්ගලික ගිනිමට බැරකරන ලෙසද දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් යෝජනාවක් ගෙන එමින් පවසා ඇත්තේ නගරසභාවේ සුභසාදක ගිණුමට මෙම මුදල් බැර කරන ලෙස විපක්ෂයෙන් යොජනාවක් ගෙන ඒමට සැරසීමේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුද ඊට සහයෝගය දක්වන බව පැවසී‍මෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සභා සම්මත කර ගෙන ඇත. මේ අතර මෙම මුදල් සුභසාදක සංගමයේ ගිනිමුට බැර කිරීමට විරුද්ධ බවට නගරසභාවේ සේවකයන් ගෙන්වා බලහත්කාරයෙන් ලිපියක් ලියවා ගන්නා බව වාර්තාවේ.
- ලංකා ට්රුත්

Share this article with your friends