Chitika Smowtion 468x60


Tuesday, April 3, 2012

දිවයින' පුවත පට්ටපල් බොරුවක් - ඉන්දියාව


ඉන්දියාවේ ස්ථාන කිහිපයක පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් 150කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට උපාලි පුවත්පත් ආයතනයේ 'දිවයින' හා 'දී අයිලන්ඩ්' පුවත්පත්හි ඊයේ (02) පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.


එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු මත පදනම්ව නිර්මාණය කරන ලද්දක් බවත් ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. එමෙන්ම පුවතේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු සියලු ආයතනවලින් විමසීම් කළද එවැනි තොරතුරක් අනාවරණය වී නොමැති බව ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රහසිගත කඳවුරු තුනකදී අවි ආයුධ පුහුණුව ලැබූ සන්නද්ධ ත්‍රස්‌තවාදීන් එකසිය පනස්‌ දෙනකුට ආසන්න පිරිසක්‌ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පැමිණ සැඟවී සිටින බවට තොරතුරු පොලිස්‌ බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව එම පුවත මගින් වාර්තා කර තිබිණි.
දිවයින පුවත- http://www.divaina.com/2012/04/02/news01.html
Source - lankanewsweb.com

Share this article with your friends