Chitika Smowtion 468x60


Tuesday, April 3, 2012

අනවශ්‍ය වියදම් කපා හරින්න. ජනපතිගෙන් උපදෙස්.


අනවශ්‍ය වියදම් කපා හරින්න. ජනපතිගෙන් උපදෙස්.

අනවශ්‍ය වියදම් කපා හැර අරපරෙස්සමින් සහ වගකීමකින් රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රජයට ලැබෙන ආදායමෙන් දෙගුණයක් වියදම් කරන්නේ රට සංවර්ධනය කර කාර්යක්ෂමව ගෙන යාමට බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. රට එකට වැඩසටහන යටතේ අරලියගහ මන්දිරයේ 
ඊයේ (02) පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රටට අවශ්‍ය දේ පිටරටින් ගෙනඒමට වඩා රට තුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි. නාස්තිය සහ දූෂණය ඉවතලා ජනතා අවශ්‍යතා ඉටුකිරීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළා. අල්ලස, දූෂණය වැනි නීතිවිරෝධී කටයුතුවලට කිසිදු අනුබලයක් ලබා නොදිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා පරිපාලන ක්ෂේත‍්‍රයේ වගකීම් සාධාරණව ඉටුකිරීමට වගබලා ගන්නා ලෙසද රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නා.
 
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ තීන්දුව මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව මෙම අවස්ථාවට එක්වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප‍්‍රකාශ කළා. මෙමගින් රටට ආර්ථික සම්බාධක පැනවීමේ හැකියාවක් එම මණ්ඩලයට නොමැති බවයි ඔහු කියා සිටියේ. පවත්නා තත්ත්වය යටතේ තානාපති සබඳතා දියාරු වන්නට ඉඩ නොදී පවත්වාගෙන යන අතරම අලූත් තානාපති සබඳතා වර්ධනය කරගැනීමට රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. මුළු අප‍්‍රිකානු මහද්වීපයටම ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල පවතින්නේ 4 ක්. මේ හේතුවෙන් අප‍්‍රිකානු රටවල තානාපති කාර්යාල පිහිටුවීමට රජය ක‍්‍රියා කරමින් සිටින බවත් එහි පළමුවැන්න නයිජීරියාවේ පිහිටුවීමට කටයුතු කරන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මෙහිදී අවධාරණය කළා
.

Share this article with your friends