Chitika Smowtion 468x60


Tuesday, April 3, 2012

දයාන් ජයතිලක CIA කාරයෙක් - ෂේණුකා


ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ඇමරිකානු CIA ඔත්තුකාරයෙකු බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනවිරත්න මහත්මිය පවසයි. උගත් පාඩම් කොමිසම් වාර්තාව හා ජාත්‍යන්තරයෙන් එල්ල වී ඇති අභියෝගය සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුමත් කිරීම සඳහා ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ රැස්වීමට සහභාගි වූ ෂේණුකා මහත්මිය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන වැඩ පිළිවෙලට එරෙහිව ක‍්‍රියාකරන විදෙස් තානාපතිවරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට ඒ බව සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා ළඟදීම දයාන් ජයතිලක මහතාව යළි ශ‍්‍රී ලංකාවට කැඳවීමට තීරණය කර ඇති බවත් ඇය මෙහිදී අවධාරණය කර තිබේ. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා මහත්මියගේ ක‍්‍රියා කලාපයද ශ‍්‍රී ලංකාවේ පරාජයට හේතු වූ බව කියා ඇති ෂේණුකා මහත්මිය, මේ තරමින් හෝ ගොඩ ඒමට හැකි වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී සචින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ දක්ෂතාවය නිසා බව පවසා තිබේ.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාත්, විදේශ අමාත්‍යවරයාත්, ජනාධිපති ලේකම්වරයාත් දේශන පවත්වා තිබේ. ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින ජනතාවට ආණ්ඩුව කෙරෙහි ගෞරවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම සියලූම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කර ඇත. කෙටි දේශනයක් පැවැත්වීමට ඉදිරිපත් වූ විදේශ කටයුතු අමාත්‍ය ජිනීවා ලොස් පීරිස් මහතා විනාඩි 45ක් පමණ කතා කරමින් පවසා ඇත්තේ ජිනීවා හී දී ශ‍්‍රී ලංකාව පරාජය නොවූ බවයි. ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය දුන් යුරෝපා රටවල ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ඉවත් කර ගන්නා බවත් ශ‍්‍රී ලංකාවට පක්ෂව ඡුන්දය දුන් රටවල තානාපති කාර්යාල අලූතින් ස්ථාපිත කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends