Chitika Smowtion 468x60


Tuesday, April 3, 2012

මම චතුරිකාට ආදරෙයි - රන්ජන් රාමනායක


සිනමා නළු රන්ජන් රාමනායක හා ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බව කතාවක් පැතිරී තිබුනත් පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා විසින්ම එය ප්‍රත්ක්ෂේප කොට සිටියේ එය කටකතාවක් පමණක් බව කියමින්.

නමුත් පසුගියදා "රන්දිව ටැබ්ලොයිඩ් " පුවත්පතට අදහස් දක්වමින් රන්ජන් රාමනායක කියා ඇත්තේ එම කටකතාව සත්‍යය විය හැකි බවයි.

මේ පිළිබඳව රන්ජන් රාමනායක හා චතුරිකා පිරිස් දරන අදහස් පහතින් බලන්න

කටකතාවලට පිළිතුරු දෙන රන්ජන්

 
ඔයයි චතුරිකයි අතර ප්‍රේම 
සම්බන්ධතාවයක් තියෙනවද?
මම හුඟක් ආදරයට කැමති කෙනෙක්. කව්රුහරි එහෙම දෙයක් කියල තියෙනවනම් එක ඇත්ත වෙන්නැති.

ඒ කියන්නේ ඔබ චතුරිකාට ආදරය කරනවද?
ඔව්. මම එයාට ආදරය කරනවා. මම හැමදාමත් ආදරය කරයි. අපි එකට රඟපෑම් කරනවානම් ඇත්තටම අපි එකිනෙකාට ආදරය කල යුතුයිනේ.


ඔබේ පතපු ආදරය ඔබට ලැබුනද?
සමහරක් වෙලාවෙදී ලැබුනා..එත් යම් යම් නොගැලපිම් නිසා ඒ දේවල් නැති උනා. මම රන්දිවට විශේෂ දෙයක් කියන්න කැමතියි. මම බොරු කියන්න අකමැතියි. මොකද එක බොරුවක් වහන්න තව බොරු සියක් කියන්න වෙනවා. මමයි චතුරිකයි අතර ඔය කියන කටකතාව ඇත්තක් වෙන්න පුළුවන්.


මේ පිළිබඳව අදහස් දක්වන චතුරිකා පිරිස් 

 
ඔයයි රන්ජන් රාමනායක අතරයි 
සම්බන්ධතාවයක් තියෙනවද?
අනේ 
නෑ එයා මගේ හොඳ යාලුවෙක්. හැබැයි මම රන්ජන් අයියට ආදරෙයි. මගෙයි රන්ජන් අයියාගෙයි රුපගතකිරීම් කිහිපයක් තිබුනා. ඉදිරියටත් තියෙනවා. එක හින්ද මම ඕක ගැන කතාකරන්න කැමති නැහැ

සටහන 
චතුරිකා පිරිස් විවාහ ගිවිසගෙන ඇත්තේ රොෂාන් පිලපිටිය සමගය. නමුත් රොෂාන්ගේ විවිධ හේතුන් නිසා එම විවාහය වසර ගණනාවක් ප්‍රමාද වී ඇත. මේ වනවිට රොෂාන් පිලපිටියට වයස අවරුදු 37 ක් වන අතර රන්ජන් රාමන්යාකගේ වයස අවරුදු 49 කි.






Source: http://www.gossip9.com/2012/04/blog-post_7016.html#ixzz1qyOLiWBH

Share this article with your friends