එයාර් ෆෝස් නිශාන්ත යනු පුද්ගල පැහැරගැනීම් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පවා කතාබහට ලක්වූ චරිතයක් වන අතර ඔහු මේ වනවිට සුදු වෑන් අංශයේ එක් ඒකකයක් බාර නිලධාරියෙකු ලෙස කටයුතු කරයි.
ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ලබාගෙන දේශපාලනයේ බලය යොදා එම මුදල් ගෙවීම පැහැර හැරීම නිසා ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළ මොහු ප‍්‍රසිද්ධ වී ඇත්තේ ‘පොලූ උපුල්’ නමිනි. උපුල් විජේසූරිය මහතා මීට ඉහතදී දික්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයකු ලෙසද කටයුතු කර තිබේ. දික්වැල්ලේ විජේසූරිය හාමු ලෙස හඳුන්වන ඔහුගේ පියා දික්වැල්ලේ මස්කඩ හිමිකරුවෙකි.
මොහු මර්වින් ඇමතිවරයාගේ බලතල යොදා ගනිමින් ව්‍යාපාරිකයක් කිහිදෙනෙකුගෙන්ම කප්පම් ලබාගෙන ඇතිබවට ආරක්ෂක ලේකම්වරයා වෙත වාර්තා වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. මෑතක සිට මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟ අමනාපයෙන් පසුවන ආරක්ෂක ලේකම්වරයා කප්පම් චෝදනා පාදක කරගනිමින් උපුල් විජේසූරිය මහතාට දඬුවම් කිරීමට තීරණය කර ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
Source - lankanewsweb.com