භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමෙන් සතිපතා ලබා ගන්නා රාජ්‍ය ණය ප‍්‍රමාණය මේ සතියේ රුපියල් කෝටි 2,000 දක්වා ඉහළ දමා ඇත. මෙයට පෙර සති පතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් ලබා ගන්නා රාජ්‍ය ණය රුපියල් කෝටි 1,000 ක්ව තිබිණ.
එය කෙටි කලක් තුළ කෝටි 1,200 - කෝටි 1,500 දක්වා වැඩි වී මේ සතිය ආරම්භයේදී කෝටි 2,000 දක්වා ඉහළ දමා ඇත.
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් මහජනයාගෙන් ඍජුවම හෝ ආයතනවලින් හෝ රජය ණය ලබා ගනී. එසේ ලබා ගන්නා ණය වෙනුවෙන් වාර්ෂිකව ඉහළ පොලියක් ගෙවීමට බැඳී සිටී. මේ වන විට රජය ණය ලබා ගැනීම් වැඩි කර තිබෙන ආකාරය ගැන සලකා බලන විට වාර්ෂික උපරිම ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 105,000 ඉක්මවා යනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Source - lankanewsweb.com