රාජ්ය ආයතනවල ප්රයෝජනය සඳහා 2011 වසරේදී මිලදී ගත් වාහන 2,500 කට වැඩි ප්රමාණයක් කිසිදු ප්රයෝජනයකට නොගෙන ගාල් කර තිබේ. 2011 අයවැයෙන් රාජ්ය ආයතනවල ඉන්ධන භාවිතය සීමා කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇත. මේ නිසා රාජ්ය ආයතනවල ක්ෂේත්ර රාජකාරී සඳහා මිලදී ගත් අදාළ වාහන තොගයෙන් 80% කටත් වඩා වැඩි ප්රමාණයක් භාවිතා කිරීමකින් තොරව ගාල් කර තිබේ.
ලීසිං පදනම යටතේ මිලදී ගත් මෙම වාහන 2,500 සඳහා පිරිවැය දරනු ලැබුවේ, රාජ්ය අය-වැය දෙපාර්තමේන්තුවයි. ඒ සඳහා ලීසිං පහසුකම (ගෙවීම් පදනම මත භාණ්ඩ ලබාදීම) ලබාදෙනු ලැබුවේ ලංකා බැංකුව හා මහජන බැංකුවයි. අදාළ වාහන තොගය භාවිතා නොකර ගාල් කර තිබුණද රාජ්ය අයවැය දෙපාර්තමේන්තුව එම වාහනවල ලීසිං වාරික තවමත් ගෙවමින් සිටී.
එම වාහන තොගය අතර කාර්, හයිඑස් වෑන්, ඩබල් කැබ් රථ ද ඇතුලත්ය. 2011 අයවැය ලේඛණයේ අංක 156 චක්ර ලේඛනය යටතේ කළ ඉන්ධන සීමා කිරීම හේතුවෙන් බොහෝ රාජ්ය ආයතනවල ක්ෂේත්ර රාජකාරී කටයුතු ඇනහිට තිබේ.
Source - lankanewsweb.com