Chitika Smowtion 468x60


Sunday, May 27, 2012

අලහප්පෙරුමලා මහජන මුදලින් පවුල් පිටින් ගොඩ යන හැටි


රාජපක්ෂලා මහජන මුදලින් පරම්පරා පිටින් ගොඩ යන්නේ නම් රාජපක්ෂලාගේ පක්ෂිම භාගය ලොවින අලහප්පෙරුමලාද එසේ කළාම ඇති වරද කුමක්දැයි සිතා ඩලස් අලහප්පෙරුමලාගේ පවුල කටයුතු කරන බව 
අප වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වී ඇත.

එක් සිදුවීමක් මෙසේය.

ඇමැති ඩලස් අලහප්පෙරුමට සොයුරෙක් සිටී. ඔහුගේ නම ඕෂධී අලහප්පෙරුම ය. විදේශ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගැන මේ ලෝකේ අබ ඇටයක් හෝ නොදන්නා මොහු මේ වන විට ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති වරයා වේ. ස්වීඩනයේ තානාපති තනතුර යනු ස්වීඩනයට පමණක් අයත් වන්නක් නොව එය ඩෙන්මාර්ක් ලැට්වියා ලිතුවේනියා අයිස්ලන්ඩ් ආදී තවත් රටවල් 4 ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කළ යුතුය. මෙම රටවල් අතීතයේ දී ශ්‍රී ලංකාවට බොහෝ ආධාර උපකාර කළද මේ වන විට ඕෂධී අලහප්පෙරුමලා වැනි හාල්පාරුවන් ගේ තානාපති කටයුතු වල හොඳ කම නිසා ශ්‍රී ලංකාව දෙස බලන්නේ අමුතු සත්ව කොට්ඨාශයක් වෙසෙන රටක් යයි සිතාගෙනය.

කෙසේ වෙතත් අලහප්පෙරුමලා පවුල් පිටින් ගොඩ යෑම පිනිස ඩලස් අලහප්පෙරුමගේ සොයුරියක් වන දත් දොස්තර එල්.එස්. අලහප්පෙරුම ද ස්වීඩනයට පැමිණෙන්නේ ය. ඇය දෙවන ශ්‍රේණියේ දත් දොස්තර වරියක් ලෙස පළමු පත්වීම ලබන්නේ 1993 අප්‍රේල් මාසයේදී ය. මල්ලී තානාපති නිසා ඇය සහ පවුල ස්වීඩනයට පැමිණ ස්වීඩනයේ දොස්තර රැකියාවක් සඳහා මාස ගණනක් උත්සාහ කළද එය නොලැබේ. පසුව ඇය සිය පුත්‍රයා ස්වීඩනයේ තානාපති මාමා ලඟ නතර කරවා යළි ශ්‍රී ලංකාවට පැමිණේ.

දැන් පුතා ගොඩ දා ගත යුතුය. ඔහු ලංකාවේදී අපොස උසස්පෙළ සී දෙකයි එස් එකකින් වානිජ අංශයෙන් යන්තම් සමත් වූ අයෙකි. ඒ 2011 වසරේදීය. ලංකාවේදී එම ප්‍රතිඵල වලින් සරසවි යෑමට නොහැකි අතර මේ පුත්‍රයා එම ප්‍රතිඵල වලින් ස්වීඩනයේ සරසවියකට ඇතුලත් වීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

දැන් ස්වීඩනයෙන් පුතාට ලැබී තිබූ සංචාරක වීසා කාලය ද ඉක්ම යන්නට ආසන්නය. අලහප්පෙරුම පවුල කෙළේ මේ පුත්‍රයා ස්වීඩන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යතුරු ලියන ලිපිකරුවෙකු ලෙස පසුගිය මැයි මස 18 වෙනිදා සිට බඳවා ගැනීමය. ඔහුගේ එම පත්වීම කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කර තිබේ.

දැන් අලහප්පෙරුම පුත්‍රයාට තානාපති කාර්යාලයේ මේසයක් පුටුවක් නැති වුවද ස්වීඩනයේ නතරවීමට අවශ්‍ය වීසාව ලැබී තිබේ.

මෙසේ අලහප්පෙරුම පවුල ගොඩ යන්නේද ශ්‍රී ලංකාවේ මහජනතාවගේ මුදලිනි.

මේ කතාවේ තව කොටස් ඇති අතර අප ඒවාද මතුවට ගෙන එන්නෙමු.

Share this article with your friends