
නිපන්දු සහ වයිඞ් පන්දු යැවීම සදහා මැතිවුස්ට රුපියල් කෝටි 10 ක මුදලක් දුන් බවට සෝනු යෝගේන්ද‍්‍ර නම් ඔට්ටු තබන්නෙකු චෝදනා කර ඇත.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය දැනුවත් කර ඇත.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ පසුගිය සතියේදී මුම්බායි දුෂණ මර්දන ඒකකය විසින් තරග ඔට්ටු තැබූ ජාවාරමක් වැටලීමෙන් අනතුරුවය.
මීට පෙර අයි.පී.එල් තරගාවලිය තුළ දී මුදලට තරග පාවාදුන් බවට චෝදනා එල්ල වී ඇති ක‍්‍රීඩකයින් පස් දෙනෙකුට තාවකාලික තරග තහනමක් පනවනු ලැබිණි.
නිපන්දු සහ වයිඞ් පන්දු යැවීම සදහා මෙම ක‍්‍රීඩකයින් මුදල් ඉල්ලා සිටින වීඩියෝ පටයක් ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් විසින් ප‍්‍රචාරය කරනු ලැබීමෙන් පසුව කරන ලද පරීක්‍ෂණයකින් පසුව මෙම තරග තහනම පැනවීය.
මෙලෙස තහනමට ලක්වූ ක‍්‍රීඩකයින් වන්නේ ඩෙකෑන් චාර්ජස් කණ්ඩායමේ ටී.පී සුදේන්ද්‍ර, පූනේ වොරියස් කණ්ඩායමේ මෝනිෂ් මිශ්රා, කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ අමිත් යාදේව්, ශල්බා ශ‍්‍රීනිවාස්තව සහ අබිනව් බාලියි.
මේ අතර පසුගිය කාලයේදී කි‍්‍රකට් තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක තිලකරත්න දිල්ෂාන්ට ද චෝදනා එල්ලවිය.
දිල්ෂාන් හා බොලිවුඞ් නිළියක වන නූපූර් මේතා අතර පැවති සම්බන්ධයක් ගැන කරුණු අනාවරණය වීමෙන් පසුව මෙම චෝදනාව ඩිල්ෂාන්ට එල්ල විය.
නූපූර් මාධ්‍යයට පවසා තිබුණේ, 2009 එංගලන්තයේ පැවති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තමන් දිල්ෂාන් සමග හිතවත් වූ බවයි.
ඇය මීට පෙර අවස්ථාවකදී ලන්ඩනයේ ' සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට පවසා තිබුණේ, එම තරගාවලිය අතරතුරදී තමාට ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු අහම්බෙන් කැසිනෝ ශාලාවකදී හමුවූ බවයි.
නවතම හෙළිදරව්වට අනුව, තමා දිල්ෂාන් සමග ලන්ඩන්හි කැසිනෝ ශාලාවකට ගිය නමුත් තරග පාවාදීමට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇය මුම්බායිහි සිට ‘මේල් ටුඬේ’ වෙත දුරකථනය ඔස්සේ පවසා ඇත.
පසුව නූපූර් අවධාරණය කර සිටියේ තම පෞද්ගලික සබඳතා මත එවැනි දරුණු චෝදනාවක් එල්ල කළ නොහැකි බවයි.
කෙසේවුවද මුලින්ම තරග පාවාදීමේ චෝදනාවට ලක්වූ කී‍්‍රඩකයන් දෙදෙනා වූයේ හිටපු නායක අර්ජුන රණතුංග හා හිටපු උපනායක අරවින්ද ද සිල්වාය.
ඔවුන් ඉන්දියාව සමග ලක්නවුහි පැවැති ටෙස්ට් තරගයකදී මෙම පාවාදීම සිදු කළ බවට චෝදනා එල්ලවී තිබිණි.
කෙසේවුවද පසුව ඔවුන් මෙම චෝදනාවලින් නිදහස් විය.
Source - lankanewsweb.com