නියාමන කොමිසමේ සභාපති ලෙස තිලක් කරුණාරත්න කළ ටච් වුඩ් ආයෝජනය හරිද? වැරදිද? ලැජ්ජ නැතිද? සංගක්කාරත් අහුවෙලාද?
ඉතිරිකිරිමේ බැංකු-ද ෆිනෑන්ස් ගනුදෙනුව පදනම් කර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් තැරුව්කරුවන්ට විවිධ සීමා පනවද්දී එහි සභාපති වන තිලක් කරුණාරත්න අධිකරණය හමුවේ අභියෝගයකට ලක් ව කඩා වැටීමේ අවධානමකට ලක්ව සිටින ටච් වුඩ් සමාගමේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වීම හාස්‍යජනක සිද්ධියකැයි ක්ෂේත්රයේ ප්රවීනයෝ පවසති.
ව්‍යාජ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරිමේ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවක් හමුවේ තම ව්‍යාපාරික කටයුතු අභියෝගයකට ලක්ව සිටින තේක්ක ගස් ආයෝජනයේ යෙදෙන ටච් වුඩ් සමාගම ස්වකීය හොඳ නම රැක ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න හා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර හා වත්මන් නායක මහේල ජයවර්ධන බිල්ලට දී ඇතැයි ගිණුම් ක්ෂේත්රයේ ප්රවීනයෝ පෙන්වා දෙති.
වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා තමාට අයත් මල්ටිෆෝම් කෙමිකල්ස් සමාගම හරහා ටච් වුඩ් සමාගමේ සියයට 05.8 කට කොටස් අයිතියට සමාන කොටස් 420,000 ක හිමිකාරිත්වය ගනී. ඒ අනුව කරුණාරත්න මහතා ටච් වුඩ් සමාගමේ කොටස් හිමි නාම ලේඛනයේ 12 වැනියට වැඩිම කොටස් හිමි පුද්ගලයා බවට පත්වේ.
කලක සිටම ශ්‍රී ලංකා ගිණුමි හා විගණන ප්‍රමිති මණ්ඩලය ටච් වුඩ් සමාගමේ ගිණුම් කටයුතු අභියෝගයකට ලක් කරමින් එම මණ්ඩලයට එරෙහිව වසර ගණනාවක් තිස්සේම අධිකරණ පියවර ගනිමින් සිටී.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙය විභාග වෙමින් පවතිද්දී මුළු මහත් කොටස් වෙළෙඳ පොල කටයුතුම නියාමනයේ යෙදෙන උත්තරීතර ආයතනයේ සභාපතිවරයා මේ කිසිවක් නොදැන එහි විශාල කොටස් ප්‍රමාණයකට ආයෝජනය කිරීම නිසා ඔහුගේ කොටස් වෙළෙඳ පොළ දැනුම ඉතාම හාස්‍යජනක ලෙස අභියෝගයකට ලක් වන අතර එහි සදාචාරාත්මක විකෘතියක් තිඛෙන බවද ඕනෑම පුද්ගලයෙකුට පෙනී යයි.
අප වෙත අදහස් දැක්වූ ගිණුම් කරණ ක්ෂේත්රයේ ප්‍රවීනයෙක් මෙසේ කීය.
"තිලක් කරුණාරත්ත මහතාගේ කොටස් වෙළෙඳ පොළ දැනුම කොතරම් දුර්වල දැයි මේ ආයෝජනයෙන්ම පේනවා. ඒ මහත්තයා තැරැව්කරුවන්ගේ වහසි බස් වලට රැවටී මේ මිලදී ගැනීම කෙරුවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම්, හිතාමතාම වංචා සහගත අයුරින් ටව් වුඩ් සමාගම ඒ මහතාව මුදල් දී හසු කලා වෙන්න පුළුවන්. මේ ගැන ඇත්ත හෙළි කළ යුත්තේ එතුමාම තමයි. කලින් ජනපති ලේකම්ගේ බිරිඳ ඉන්ද්‍රාණි සුගතදාස කොමිසමේ සභාපතිනිය වෙලා ඉඳිද්දි කීවේ ඇයට ඒ පිළිබඳ දැනුමක් නැහැ කියලා. ඒ නිසා ඇයට එම තනතුරු අහිමි වුනා. දැන් පත් වූ කෙනා ගේ දැනුමත් මේ ටව් වුඩ් ආයෝජනයෙන්ම පේනවා. ඇරත් කොමිසමට තාම ස්ථීර අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙක් නැහැ. මේ තත්ත්වය කොටස් වෙළෙඳ පොළ නියාමනයට දැඩිව බලපානවා."
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨයෙකු මේ පිළිබඳව දැක්වු අදහස් මෙසේය.
"මේ වගේ ගරු කටයුතු තනතුරක් භාර ගන්න කලින් එතුමාට තිබුණා මේ කොටස් විකුණා දමා හෝ ඒවා වෙන අයෙකුට පවරන්න. නමුත් කරුණාරත්ත මහත්තයා එවැන්නක් කළ බව පේන්න නැහැ. අපි දන්නේ නැහැ ඒ මහතා තමන්ට සම්බන්ධ කොටස් වෙළෙඳ පොළ ආයෝජන ගැන සිදු කළ හෙලිදරව් කිරීම් වලින් අනතුරුව මෙම තනතුර භාර ගත්තාද කියා. එසේ නොකළා නම් එය බරපතල වැරැද්දක්."
"ඒ එක්කම අපි දන්න හැටියට නිමල් පෙරේරා කියන්නේ මේ මොහොතේ කොටස් වෙළෙඳ පොලේ ආන්දෝලාත්මකම චරිතයක්. ඔහුට විරුද්ධව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ පරීක්ෂන රාශියක් තියෙනවා. කලක් මේ නිමල් පෙරේරා නවාතැන් ගෙන සිටියේ මේ සභාපති තිලක් කරුණාරත්තගේ පානදුරේ ගෙදර. ඒ නිසා නිමල් පෙරේරාට එරෙහි පරීකෂණ ගැන සිතා ගතහැකි"
මේ හැරෙන්නට කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්රමුඛ ආයෝජකයෙකු වන හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරද ටච්වුඩ් මුළු කොටස් අයිතියෙන් සියයට 4.3 කට සමාන කොටස් 310,000 ක හිමිකාරිත්වය දරයි. ටච්වුඩ් ප්රචාරක දැන්වීම් සඳහාද සංගක්කාර මෙන්ම ඔහුගේ ව්‍යාපාරික හවුල් කරු වන ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද සමග පෙනී සිටින බව මුළු රටම දන්නා කරුණකි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් වන මලික් කාදර් ඉතිරිකිරිමේ බැංකු -ද ෆිනෑන්ස් ගනුදෙනුවේ තහනමකට ලක් වූ තැරැව්කරු ඩිනාල් විෙජ්මාන්න සමග ස්වකීය ධූරය දරන කාලයේ සිට අද දක්වාම එකට ව්‍යාපාරික කටයුතු කරන අතර එහි තවත් අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙකු වූ චන්න ද සිල්වා කුප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා සමග පෑන් ඒෂීයා බැංකු හා ඩෙල්මේජ් අධ්‍යක්ෂක මණ්ඩල වල එකට අසුන් ගෙන සිටිති.
ඉතිරිකිරිමේ බැංකු - ද ෆිනෑන්ස් ගනුදෙනුවට අදාල සියළු වංචනිකයින් දැන් රට හමුවේ නිරුවත් වී තිබියදී දැන් රටම බලා සිටින්නේ රාජපක්ෂ රජයේ ඉහළම රැකවරණ ලබමින් සිටින නිමල් පෙරේරා, දිලිත් ජයවීර, තරණ තෝරදෙණි ය, රේනෝ සිල්වා, මොහමඩ් රිෂාන් වැනි මහා පරිමාණ කොටස් ජාවරම්කාරයින්ට එරෙහිව නියාමන කොමිසම පවත්වන පරික්ෂණ කොයි අතකට පෙරලේද යන්නයි.
රාජපක්ෂ රජයේ ව්‍යාපෘතිවල ප්‍රමුඛතම ආයෝජකයාව සිටින කූප්රකට එන්වයර්මෙන්ටල් රීසෝර්ස් සමාගමට හා එහි අධ්‍යක්ෂකවරුන් වු කෝසල හීන්ගම හා ඔහුගේ පියාට මෙන්ම ස්කොට් නිවුස්මන් කරන ලද වැරදි වලට ඔවුන්ව අධිකරණය හමුවේ සිරගත කිරීමට තරම් පැහැදිලි සාක්ෂි තිබියදී මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ පරීකෂණ වලින් පසු දුන් ද~ුවම වූයේ රුපියල් මිලියන 10 ක් වැනි අඩු දඩයක් ගැසීම පමණි.