Chitika Smowtion 468x60


Sunday, May 27, 2012

තමරා කුගනායගම්ට කළ දේ ඇමැති නිමල් සිරිපාලටත්


ජිනීවා රාජකාරියෙන් කැපේ: කේලමා අනුර ප්‍රියදර්ශන!

ජිනීවාහි ජගත් මානව හිමිකම් කොමිසමේ රාජකාරි සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරියේදී සහභාගී කරවා නොගැනීමට රාජපක්ෂ රෙජීමය තීන්දු කර ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. නිමල් සිරිපාල ඇමැතිවරයා මරා රෙජීමය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ නිසියාකාරව වැඩ කෙළේ නැතැයි යනුවෙන් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා විසින් මරා වෙත කේලාම් කීමේ ප්‍රතිඵලයක් ලෙස මරා විසින් ඉහත තීන්දුව ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.

මේ ආකාරයටම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වරිය ලෙස කටයුතු කළ තමරා කුගනායගම් මහත්මියද ඉන් ඉවත් කර කියුබාවේ තානාපතිනිය කර යැවුවේ ය.

පසුගිය කාලයේ සාම ක්‍රියාවලියේදී ද යුදමය ක්‍රියාවලියේදී ද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ කටයුතු කර ඇති නීතිඥ නිමල් සිරිපාල ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රමාණික පළපුරුද්දක් ඇත්තෙක් වන අතර පසුගිය ජිනීවා සමුළුවේදී ජාතිවාදී අන්තවාදියෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හැසිරී නොමැත. එසේ හැසිරීමද රට තවත් අපකීර්තියට ලක්වන්නකි. මේ තත්ත්වයන් නොඉවසන මරා අනුර ප්‍රියදර්ශනගේ කේලාම් සියල්ල අනුමත කර තිබේ. අනෙක් අතට ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයන් සමග මරා තුල ඇත්තේ කැපිල්ලකි. මන්ද යත් රාජපක්ෂලා ඉදිරියට ගත යුතු බැවිනි. එම හේතුවද නිමල් සිරිපාල ඇමැතිවරයා ඉදිරි ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු වලින් ඉවත් කිරීමට ගත් තීරණයට බලපා තිබේ.

පසුගියදා ඇමැරිකානු සාකච්ඡා සඳහා අනුර ප්‍රියදර්ශනව යවා ඇත්තේ මෙලෙස කේලාම් පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

අනුර ප්‍රියදර්ශනද පසුකලෙක සිටියේ මරාගේ ගිලටීනයට හසුවය. ඔහු මාධ්‍ය ඇමැතිව සිටි කාලයේදී මරා පවසා තිබුනේ 'මිනිහ මොකවත් කරන්නෙ නෑ. ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්නවා' කියා ය. පසුව මාධ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කෙළේය.

කෙසේ වෙතත් මරාගේ අලූත්ම කේලමා වී සිටින අනුර ප්‍රියදර්ශන පැමිණෙන විට 'ඔන්න කේලමා එනවා' යයි කියමින් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් දැන් කතාව නතර කරන තත්ත්වයට වැටී ඇතැයි දැන ගන්නට තිබේ..
මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනා අනුව ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු යැයි ඇමරිකානු හිලරි ක්ලින්ටන් මහත්මිය අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාව තමන්ගේ වැඩ පිළිවෙලක් කි්‍රයාත්මක කරනවා යැයි කියමින් ජිනීවා යෝජනා වලට 'වංගු ගැසීමට' යාම ජගත් ප්‍රජාවගේ කනස්සල්ලට හේතු වී ඇත.

ජිනීවා යෝජනා අනුව ජගත් මානව හිමිකම් කොමසාරිස් වරියගේ සහාය සමග ඉදිරි කටයුතු කළ යුතු යැයි සඳහන් වේ. ඒ අනුව මානව හිමිකම් කොමසාරිස්වරියගේ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත අතර විදේශ අමාත්‍යාංශය එම පිරිසට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා නොදීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි දැන ගන්නට තිබේ. ජාතිවාදී චම්පික රණවක සහ ගුණදාස අමරසේකරලා මානව හිමිකම් කොමසාරිවරියගේ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ නෙදෙන්නැයි ඉල්ලා ලිපියක් අද ආණ්ඩුවට යැවූ බවද වාර්තා වේ.

මරාණ්ඩුවේ මෙම මුරණ්ඩු ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් තව තවත් කොන්වන බව ආණ'ඩුවේම මැති ඇමැත්තෝ පවසති.

Share this article with your friends