අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය දිනෙන් දින බිඳවැටෙමින් පවතින හෙයින්, නොපමාව අධිකරණයේ, අපක්ෂපාතී බව සහ යුක්ති සහගත භාවය ජනතාව තුළ යළි තහවුරු කරන ආකාරයෙන් ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කිරීමේ වැදගත්කම එකී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් අගවිනිසුරුවරියට පැහැදිලි කර දී ඇත. එසේම එවැනි තීරණවලට එරෙහිව අගවිනිසුරුවරියට දේශපාලන බලපෑම් පැමිණියෙහොත් ඊට විරුද්ධව සමස්ත නීති ක්ෂේත්‍රය පෙළ ගස්වන බවට ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ද ඇයට පොරොන්දු වී තිබේ.
මේ ආකාරයෙන් අගවිනිසුරුවරියට බලපෑම් එල්ල වී ඇති බව ජනාධිපතිවරයාට ද වාර්තා වී තිබේ.
ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලූම් පතට මෙම තත්ත්වය යටතේ අධිකරණයෙන් ෆොන්සේකා මහතාට වාසිදායක තීන්දුවක් ලැඛෙනු ඇතැයි සැකකරන ජනාධිපතිවරයා, එවැනි තීන්දුවක් දීමට පෙර ඔහුව නිදහස් කිරීමට තීරණය කර ඇති බව අප වෙත මෙම තොරතුරු ලබාදුන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. අධිකරණයෙන් එවැනි වාසිදායක තීන්දුවක් ෆොන්සේකා මහතාට ලැබුණහොත් එයින් ඔහුට විශාල දේශපාලන වාසියක් ලැඛෙන බැවින්, ඊට පෙර ඔහුව නිදහස් කොට මහ සංඝරත්නයෙන් ලකුණු දා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
Source - lankanewsweb.com