Chitika Smowtion 468x60


Thursday, May 31, 2012

රොෂාන් - චතුරිකා රහසේ විවාහ වෙයි?



ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය සමග පමාවූ විවාහය පිලිබඳ පසුගිය කාලයේ බොහෝ මාධ්‍යය වල කතාබහට ලක්වුවා.

විවාහය පමාවීම පිලිබඳ එසේ මාධ්‍යය පුවත් පළකරද්දී රන්ජන් රාමනායක ප්‍රසිද්ධියේ පුවත්පතකට කියා තිබුනේ තමා චතුරිකාට ආදරේ බවත් එවන් සම්බන්ධතාවයක් තිබිමටද හැකි බවය.

නමුත් පසුගිය සතියේ පුවත්පතකට දෙන ලද ප්‍රකාශයකින් කියා තිබුනේ ඔවුන් දෙදෙනා දැනටමත් විවාහ වී අවසන් බවය. තවමත් කැන්දන් යාම සිදු කර නොමැති බවත් ගෙදර වැඩ කටයුතු අවසන් වූ විගස කැන්දන් යාමේ මංගල උත්සවය ඉටු කරන බව ඔවුන් දෙදෙනා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනා.


ඒ පිළිබඳව අදහස් දක්වන චතුරිකා 
ඔව් අපි විවාහ වෙලා ටිකක් කල්. අපි තාමත් වෙනම ජිවත් වන්නේ කැන්දන් යාමේ කියන සාම්ප්‍රදායික මංගල උත්සවය ගන්නකන්. මේ අව්රුද්දෙ අන්තිමට ඒ උත්සවයත් ගන්නවා.

රොෂාන් පිලපිටියගේ අදහස 
මේකයි චතුරිකාගේ ආසාවක් තියෙනවා උත්සවයක් අරගෙනම අපේ එකතුවීම සිදු කරන්න. එත් මගේ වැඩි කැමැත්ත ගේ හදපු ඉක්මනට පදිංචි වෙන්න. මම වැඩිය ඔය පුහු දේවලට කැමති කෙනෙක් නෙවෙයි.








Source: http://www.gossip9.com/2012/05/blog-post_9163.html#ixzz1wRn0Ii5E

Share this article with your friends