Chitika Smowtion 468x60


Thursday, May 31, 2012

හිලරිට දුන්නෙ තමන්ට පෙන්නපු එකමද කියල ආණ්ඩුවෙ අයටම සැකයි


පසුගිය 29 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පැලවත්ත ප්‍රධාන කාර්යාලෙදි මුණගැහුණා. "ජිනීවා යෝජනාවල ආණ්ඩුවේ කැමැත්ත අනුව කළ යුතුයිකියලා තියෙන නිසා ආණ්ඩුව විරුද්ධ වෙලා. ඒත් මෙහෙම විරුද්ධයි කියන අතරේ පස්සා දොරෙන් හිලරි ක්ලින්ටන්ට යෝජනා බාර දෙනවා."අනුර දිසානායක මහතා කිව්වෙ, ඇමරිකාවට පෙන්නපු හදිසි ක්‍රියාකාරී සැලැස්ම ගැන ආණ්ඩුව ඇතුලෙ ලොකු ආන්දෝලනයක් තියෙන බවයි. "හිලරිට දුන්නෙ තමන්ට පෙන්නපු එකමද කියලා සමහරුන්ට සැකයි. තවත් අය එක එක පක්ෂවලට පෙන්නුවෙත් වෙනස් එකක් බව කියනවා." මෙහිදි ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා ආණ්ඩුව හිලරි ක්ලින්ටන්ට දීපු ක්‍රියාකාරී සැලැස්ම රහසිගතව තිබීම භයානක තත්වයක් බව කියා සිටියා.

රටට ප්‍රශ්නයක් ඇතිකරන එකක් නොවෙයිනම් ආණ්ඩුව කිසිසේත්ම එය රහසිගත විදියට තබා නොගන්න බව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කිව්වා. ඇත්ත වාර්තාව රටට හෙළිදරව් කර ගැනීමේ අවශ්‍යතාව මතු කරපු සෝමවංශ මහතා ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව පාර්ලිමේන්තුවේ 23/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලෙස අනුර දිසානායක මහතාට කිව්වා.

ආණ්ඩුව තේරීම් කාරක සභා ප්‍රෝඩාවක් නැවතත් තොරොම්බල් කරමින් ඉන්න බව ලාල් කාන්ත මහතා පෙන්වා ජ.වි.පෙ. ස්ථාවරය, ජාතික ගැටලූව විසඳීම සඳහා වන කෙටි කාලීන හා දිගු කාලීන යෝජනා මාලාවක් සහිතව ඉදිරි කාලයේදී රටට ඉදිරිපත් කළ යුතු කළ බවට සියලූ දෙනා එකඟවුණා.

කොටස් වෙළඳපොළේ ඇතිවී තිඛෙන අර්බුදය පිළිබඳව පසුගියදා ව්‍යපාරිකයන් පිරිසක් සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවී කතා කළා. ආණ්ඩුවේ හිතවතුන් සම්බන්ධ වූ කොටස් වෙළඳපොළ මාෆියාවක් තියෙන බව ඔවුන් කිවුවා. මේ සඳහා ඇතැම් බ්‍රොකර්කරුවන් තැරැව්කාර සමාගම්ද සම්බන්ධ කරගත් මෙම මාෆියාව විසින් තමන්ට අධික ලාභ ලැබීම සඳහා ආණ්ඩුවේ සහය ඇතිව කෘත්‍රිමව වෙළඳපොළ හසුරුවන බව ඔවුන් ප්‍රකාශ කළා. මෙම කොටස් වෙළඳපොළ පිළිබඳව ආණ්ඩුව විසින් මවා පාන ලද පුම්බන ලද චිත්‍රය නිසා තමන්ගේ ජීවත්වීමට තිබූ මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ පොඩි මිනිසුන් විශාල පිරිසක් සිටින බව හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නා. "වැඩකරන ජනතාවගෙ සේවක අර්ථසාධක අරමුදල් මෙවැනි අවදානම් තැනක නීති විරෝධීව ආයෝජනය කරලා ආණ්ඩුව කෘත්‍රිම පිම්බීමක් කළා. අද මේ පුම්බපු බැලූම්වල හුළං ගිහින්. විශාල ජනතාවක් බලවත් අසීරුවට පත්වෙලා."

ජ.වි.පෙ. පසුගිය මැයි 15වැනිදා ආරම්භ කරපු සති 06 වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට යමින් තියෙනවා. මේ අනුව තියපු සංවාදශීලී ජනහමුවකදි පුද්ගලයෙක් ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ ගොස් තියෙන බව විජිත හේරත් මහතාට කිව්වා. "ඔව්, ඒක ඇත්ත. අද තෙල් බැරල් එක ඩොලර් 105ට අඩුයි. ඒත් ආණ්ඩුව වැඩිකරපු තෙල් මිල අඩු කරන්න ලැහැස්ති නැහැ. ආණ්ඩුව කියන්නේ තාම තියෙන්නෙ වැඩි මිල තෙල් කියලා. ඒත් වැඩිකරද්දි ලෝක වෙළඳපොළට ඇඟිල්ල දික්කරලා මෙහෙ වැඩිකළා. ඉක්මණින්ම තෙල් මිලත් බස් ගාස්තුත් විදුලි බිලත් අඩුකරන්න අපි ආණ්ඩුවට බල කළ යුතුයි. අපි ජුනි 03 අනුරාධපුරයෙදිත් මොණරාගලදිත් 13 බදුල්ලෙත් උද්ඝෝෂණ පවත්වනවා." විජිත හේරත් මහතා පැවසුවා.

පසුගියදා දූෂණ විරෝධී හ~ සංවිධානෙන් එන්.එස්.බී. ගනුදෙනුවට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කළා. ඒ අනුව මේ දිනවල බංකුවෙ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන්ගෙන් කොමිසම කටඋත්තර ගැනීම ආරම්භ කර තිඛෙනවා. මේ පිළිබඳව අදහස් දක්වපු දූෂණ විරෝධී හ~ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ කිව්වේ මේ පැමිණිල්ල යට යන්න ඉඩ නොදී අපි මේ පිළිබඳ සෙවිල්ලෙන් ඉන්න ඕනෑ කියලයි. —අපේ පැමිණිල්ල නීතී ෙක‍ෂ්ත්‍රයේ ලොකු ආන්දෝලනයක් ඇති කරල තියෙනවා. ආණ්ඩුව හුඟක් පැමිණිලිවලට දාපු කමිටුවල කිසිම උත්තරයක් නැති වුණත් අපි දාපු මේ පැමිණිල්ල පිළිබඳව ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරල දෙන්න අපි උපරිම මහන්සි ගමු˜ ඔහු හඳුන්නෙත්ති මහතාට කිව්වා.

Share this article with your friends