Chitika Smowtion 468x60


Thursday, May 31, 2012

ජනපති නියමයෙන් ජොනී නිදහස් කිරීම ගැන විරෝධයක්


ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සිටි වකවානුවේදී එවකට කුරුණෑගල ශී‍්‍ර ල.නි.ප. ආසන සංවිධායකවරයාව සිටි ජයරත්න හේරත් මහතාගේ නිවසට බලහත්කාරයෙන් කඩා වැදී එහි නිවැසියන් බියගන්වා නිවසට අලාභහානි සිදු කිරීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුව ජනාධිපතිවරයාගේ බලපෑම් මත අධිකරණය විසින් හකුලා ගැනීම පිළිබඳව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ල.නි.ප. මැති ඇමැතිවරුන්ගේ බලවත් කෝපයට හේතු වී තිබේ.
වසර 08 ක් පුරා විභාග වෙමින් තිබූ මෙම නඩුව පසුගිය 30 වනදා විභාගයට ගත් අවස්ථාවේදී විත්ති පාර්ශ්වයේ සාක්‍ෂි කැඳවීමකින් තොරව, ප‍්‍රමාණවත් සාක්‍ෂි නැතැයි කියමින් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත‍්‍රාත් කිවින්ද්‍රා නානායක්කාර මහත්මිය නියෝග කළේය.
මෙලෙස නඩුව ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් මහතාටත්, නීතිපතිවරියටත් බලපෑම් කර ඇතැයි ශී‍්‍ර ල.නි.ප. මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. එක්සත් ජාතික පක්‍ෂයෙන් පැමිණි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට කුරුණෑගල දිස්ති‍්‍රක්කය තුළත්, ආණ්ඩුවේත් ප‍්‍රමුඛත්වයක් ලබාදීම පිළිබඳව එම දිස්ති‍්‍රක්කය නියෝජනය කරන අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්.බී. නාවින්න හා ටී.බී. ඒකනායක යන අමාත්‍යවරුන්ද, ශී‍්‍ර ල.නි.ප. මහලේකම් මෛතී‍්‍රපාල සිරිසේන අමාත්‍යවරයා හමු වී දැඩි අප‍්‍රසාදය පළ කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends