Chitika Smowtion 468x60


Thursday, May 31, 2012

රටට වින කරන වෙබ් අඩවි පිලිබඳ ජනපති හෙළි කරයි


වෙබ් සයිට් 8 ක්ම කරන්නේ එක පුද්ගලයෙක් 

මේ දිනවල තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් රටට වින කරන වෙබ් අඩවි පිලිබඳ හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.

පහතින් දැක්වෙන්නේ එහිදී ජනාධිපතිතුමා විසින් සිදුකල කතාවයි.
පහුගිය අවරුදු 30 ක කාලයක් අපේ රටේ තිබ්බ ත්‍රස්තවාදය අවසන් කරලා අද රට සියලු ජාතීන්ට සිංහල වේවා ඉස්ලාමිය වේ වා ජාතීන්ට එකමුතුව එකම රටක් තුල සහයෝගීත්වයෙන් ජිවත් වීමේ පරිසරයක් ගොඩ නගා තිබෙනවා.ශ්‍රී ලංකාව අද 8.3% වර්ධන වේගයක් පවත්වාගෙන යනවා.
පහුගිය අවරුදු දෙකේම 8% කට වඩා වර්ධන වේගයක් පවත්වාගැනීමට හැකි වුනා.උතුරේ සංවර්ධනය 22% වැඩි වෙලා තියෙනවා කිව්වම එකෙන් පේනවා අපි මොන තරම් වැඩ කොටසක් උතුරට කරලා තියෙනවද කියල.

පිටරැටියන්ට ලංකාවේ වැඩි හරියක් තොරතුරු ලබාගන්න පුළුවන්කම තියෙන්නේ වෙබ්සයිට් එකෙන්.

මෙහෙ තියෙන වෙබ් සයිට් වලින් ලංකාව පිලිබඳ වැරදි චිත්‍රයක් මවන්න උත්සාහ ගන්නවා. අප ඉදිරියට යන ගමන විකෘති කරන සමාජයක් අද තියෙන්නේ.

එකම ආයතනයකින් පාලනය වන වෙබ් අඩවි 8 ක් තියෙනවා. ශ්‍රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය කරන්නේ. එහි තියෙන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධ දේ. මඩ ප්‍රචාර සහ රටට විරුද්ධව කරන මඩ ප්‍රචාර.








Source: http://www.gossip9.com/2012/05/blog-post_31.html#ixzz1wRkuRo8p

Share this article with your friends