
නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩූල් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන යන අයට එරෙහිව මොහු විසින් ජනාධිපති නිතීඥ රොමේෂ් සිල්වා මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් ගොනු කර තිබූ අතර, එය 2012 පෙබරවාරි 13 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබියදී පෙබරවාරි 11 වනදා සුදු වෑන් රථයකින් මොහුව පැහැරගෙන යනු ලැබීය. වැල්ලවත්ත, චැපල් බෑන්ක් මාවතේදී එදින පස්වරු 3.30 ට පමණ මොහුව පැහැරගෙන ගොස් ඇති අතර, එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ කි‍්‍රයාත්මක වන ‘සුදු වෑන්’ කල්ලිය විසින් සිදු කරනු ලැබූ බවට වාර්තා වේ.
ඒ අනුව, රාජ්‍ය බුද්ධි අංශය සහ යුද හමුදා බුද්ධි අංශය ඒකාබද්ධව 2009 මාර්තු 29 වනදා ‘මැජෙස්ටික් සිටි ප‍්‍රභාව’ අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී දැඩි ප‍්‍රශ්න කිරීම් හමුවේ තමා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමග සමීප සබඳතා පවත්වන බව ඔහු අනාවරණය කර තිබේ. එහිදී එවකට බි‍්‍රගේඩියර්වරයෙකුව සිටි මහින්ද හතුරුසිංහ මහතා සමග සිදු කළ ගනුදෙනු රාශියක් පිළිබඳව හෙළි කර ඇති ‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’, මහින්ද හතුරුසිංහ මහතාගේ ගෙදර දොර වියහියදම් සඳහා මාසිකව ලක්‍ෂ ගණනින් වියදම් කරන බවත්, ඔහුගේ මාණ්ඩලික රථය සඳහා තමා රුපියල් 60,000 ක් ලබාදෙන බවත් පවසා තිබිණ.
සාමාන්‍ය බි‍්‍රගේඩියර්වරයෙකුගේ මාණ්ඩලික රථයක් කුලී පදනමින් ලබා ගැනීම සඳහා රුපියල් 40,000 ක මුදලක් ලබාදෙන නමුත්, ‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’ ලබාදුන් රුපියල් 60,000 ත් සමග මහින්ද හතුරුසිංහ මහතා ඉතා සුඛෝපභෝගී රථයක් රුපියල් ලක්‍ෂයක කුලියට ලබා ගෙන තිබිණ. ‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’ මෙම තොරතුරු හෙළිදරව් කරන වකවානුවේදී බි‍්‍රගේඩියර් මහින්ද හතුරුසිංහ මහතා පිලිපීනයේ ‘NDC’ යුද අභ්‍යාස ආයතනයේ පුහුණුවක් සඳහා පීලිපීනයට ගොස් සිටි අතර, ඔහුව වහාම යළිත් කැඳවන ලෙස එවකට යුද හමුදාව සිටි ලූතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නියෝග කර තිබිණ. ඒ අනුව, යුද හමුදා පොලිසියේ ප‍්‍රධානියා හා යුද ලේකම්වරයා විසින් මහින්ද හතුරුසිංහ මහතාට වහාම ලංකාවට පැමිණෙන්නැයි දැනුම් දී තිබිණ.
එම නියෝගයට යටත්ව ලංකාවට පැමිණි මහින්ද හතුරුසිංහ මහතා යුද හමුදා මූලස්ථානයට වාර්තා කිරීමට පෙර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමු වී තමා බේරා ගැනීමට කටයුතු කරන්නැයි ආයචනා කර තිබිණ. ඒ අනුව යුද හමුදාපතිවරයාගේද නියෝගය පසෙකලා ඔහුට යළි පිලිපීනයේ පාඨමාලාව නිසි පරිදි හදාරා පැමිණෙන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝග කර තිබිණ.
මහින්ද හතුරුසිංහ මහතා, ආරක්‍ෂක ලේකම්වරයාගේ විශ්වාසදායකම ගෝලයෙකු ලෙස යුද හමුදාව තුළ ප‍්‍රසිද්ධියක් උසුලන අතර, ඔවුන් දෙදෙනාම ගජබා රෙජිමේන්වේ නිලධාරීන්වීමද විශේෂත්වයකි.
කෙසේ වුවද 2009 මැයි 29 වනදා අත්අඩංගුවට ගත් ‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’ මාස 28 ක් රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවා ගෙන සිටියද, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මත ඔහුට නිදහස ලැබිණ. බලහත්කාරයෙන් රඳවා ගැනීම හරහා තමන්ගේ මානව හිමිකම් කඩ කර ඇතැයි කියමින් ඔහු අධිකරණ කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වන්නේ ඉන් අනතුරුවය.
වත්මන් යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා විශ‍්‍රාම ගැනීමෙන් පසු යුද හමුදාපති වීමට බලාපොරොත්තුව සිටින මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා එම අධිකරණ කි‍්‍රයාදාමය තුළදී තමා සම්බන්ධ තොරතුරු හෙළිදරව් කරනු ඇතැයි බියෙන් ‘මැජෙස්ටික් සිටි ප‍්‍රභා’ අතුරුදහන් කිරීමට බලපෑම් කළ බව මේ වන විට සාක්‍ෂි සහිතව හෙළිදරව් වී තිබේ.
Source - lankanewsweb.com