Chitika Smowtion 468x60


Thursday, May 31, 2012

අහිතවත් තානාපති කාර්යාල වර්ජනය කරන්න !


රෙජීමාධිපතිගෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ට නියෝග.

මරා රෙජීමයට හිතවත් නැති තානාපති කාර්යාල වල උත්සව සඳහා සහභාගී නොවන ලෙස රෙජීමාධිපති රාජපක්ෂ මහතා විසින් මීට දින කිහිපයකට පෙර පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී උපදෙස් දී ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව යනු එම පක්ෂයේ තීන්දු ගන්නා ඉහළ සංවිධානයයි. එජාපයෙන් ආණ්ඩුවට පනින ලද ජොන්ස්ටන් වැනි ප්‍රබල ඇමැති වරුන් පවා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය නොකරයි. නමුත් කරුණා අම්මාන් නියෝජනය කරයි.

මෙහිදී රෙජීමාධිපතිවරයා හිතවත් නැත්තේ කුමන තානාපති කාර්යාලදැයි නම් වශයෙන් හඳුන්වා දී නැත. ශ්‍රීලනිප පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග කාලාන්තරයක් තිස්සේ හිතවත් තානාපති කාර්යාල සමග ඔවුනොවුන් සම්බන්ධතා පවත්වන අතර එහිදී සම්මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන්ට කිසිසේත්ම එකඟ නැතිව මරා රෙජීමය විසින් මේ වන විට කරගෙන යන විකෘති සහ විනාශකාරී ක්‍රියා ගැන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඒ ඒ තානාපති කාර්යාල සමග සුහදව තොරතුරු හුවමාරු කරගෙන තිබේ.

මේ තත්ත්වය ගැන කණ වැටී ඇති 'ආයුබෝ වේවා මහ රජාණෙනී' මානසිකත්වයේ තවමත් කල් ගෙවන රෙජීමාධිපතිවරයා ඉහත නියෝගය ලබා දී ඇත.

මේ අතර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී රෙජීමාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ "අපේ ජීඑල් ඇමැති තුමා ඇමරිකාවට ගිහින් එල්.එල්.ආර්.සී එකේ ප්‍රශ්නය ෂේප් කරගෙන ආවා" කියා ය. සබරගමුවේ සහ නැගෙනහිර පළාත් සභා ඡන්දය පවත්වන බවද එහිදී රෙජීමාධිපතිවරයා අවධාරනය කර තිබේ.

අපල උපද්‍රව ගැන මිත්‍යා විශ්වාස දැඩිසේ විශ්වාස කරන මරා රෙජීමයාධිපතිවරයා ලබන 25 දක්වා තමාට තිඛෙන දැඩි අපල කාලය මගහැරවීම වස් වැඩි කාලයක් පිටරට ගත කිරීමට වැඩ සටහන් යොදා ඇති බවද වාර්තා වේ. මේ අනුව දැනට තායිලන්ත සංචාරයක නියුතු රෙජීමාධිපතිවරයා යළි සියරට පැමිණි සැනින් එංගලන්තය බලා යාමට ද ඒ පැමිණි සැනින් තවත් විදේශ සංචාරය නිරත වීමට ද කටයුතු යොදා තිබේ.

Share this article with your friends