දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගැනීමෙන් පසු සමරසිංහ මහතා සුවය ලබා ඇතත්, ඔහු මේ වන විටත් සිහිමද ස්වභාවයෙන් පසුවන බව වාර්තා වේ.
කිසිදු දිනෙක ඊලියන්ත වයිට් මහතාගෙන් ප‍්‍රතිකාර නොගන්නා ලෙසත්, ඔහු ඖෂධ ලෙස ලබා දෙන්නේ මත්කුඩු විශේෂ බවත් තමාගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන්ට පවසා ඇති හඩ්සන් සමරසිංහ මහතා, තමාගේ ජීවිතය බේරුනේ අනූ නවයෙන් බවද පවසා තිබේ.
ඊලියන්ත වයිට් මහතා ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු නොවේ යැයි ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව තුළදී ප‍්‍රකාශ කළද මේ වන විටත් වයිට් මහතාගේ ආරක්‍ෂාවට ඇමති ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන් යොදවා තිබේ.
එසේම පසුගියදා සිළුමිණ පුවත්පතෙහි පලවූ වාර්තාවක ඊලියන්ත වයිට් මහතා ජනාධිපතිවරයාගේ වෛද්‍ය උපදේශකයෙකු ලෙස සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ඇමතිවරයෙකු එම පුවත්පතේ කතුවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප‍්‍රකාශ කොට ඇත්තේ, ජනාධිපතිවරයාගේ පෞද්ගලික කැමරා ශිල්පී සුදත් සිල්වා මහතා විසින් එම විශේෂාංග වාර්තාව පල කරන ලෙස තමන්ට දිගින් දිගටම බලපෑම් කළ බවයි.
Source - lankanewsweb.com