Chitika Smowtion 468x60


Thursday, June 28, 2012

එල්ටීටීඊ සාමාජිකයන් රඳවා සිටීම අසාධාරණයි - අමාත්‍ය කරුණා


ආයුධ සන්නද්ධව යුද වැදි එල්ටීටීඊ නායකයන් නිදහසේ සිටියදී සුළු චෝදනා ලබා සිටින විශාල පිරිසක් සිරභාරයේ සිටීම අසාධාරණ බව යලි පදිංචි කිරීම පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් (කරුණා) පිළිගත්තේය.
කෙසේ වුවද ශ්‍රී ලංකා ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එල්ටීටී ඊ රැඳවියන් යොදා ගන්නා බවට එල්ලවන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.
බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාශ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළේ දැනට රැඳවුම් භාරයේ සිටින සියලු එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් දෙන මෙන් සිවිල් අධීක්ෂණ කමිටුවේ මනෝ ගනේෂන් පසුගියදා කළ ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළකරමින්.
හිටපු ජ්‍යෙෂ්ට එල්ටීටීඊ නායකයෙකු වන අමාත්‍ය කරුණා, එල්ටීටීඊ කාන්තා අංශයේ නායිකා තමිලිනී, හිටපු එල්ටීටීඊ ප්‍රකාශක ජෝර්ජ් මාස්ටර් ඇතුළු ප්‍රධාන පෙලේ නායක නායිකාවන්ට යලිත් දේශපාලන ප්‍රවාහයට එක්වීමට අවස්ථාව ලබාදීම තමන් අනුමත කරන බව බීබීසී සංදේශයට පැවසූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, එම නිදහස තවමත් රැඳවුම් භාරයේ සිටින දහස් ගණන් එල්ටීටීඊ සාමාජිකයන්ට ලබා නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
"තමිලිනීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට, සෝමවංශ අමරසිංහට, විමල් වීරවංශට දුන්න අර සමාව මේ යට දෙන්න. එහෙම බැරිනම් ඉතිරි වෙච්ච අය අරගෙන ගිහිල්ල පුනරුත්තාපනය කරලා සමාජ ගත කරන්න," මනෝ ගනේෂන් පැවසීය.
එයට ප්‍රතිචාරය පළ කරන කරුණා අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, රජයේ කටයුතුවල පාරදෘශ්‍යභාවය ජාත්‍යන්තර බලවතුන්ට පෙන්වාදීම සඳහා එල්ටීටීඊ නායකයන් නිදහස් කිරීම අවශ්‍ය කටයුත්තක් බවයි.
ඉදිරියේදී විශේෂ අධිකරණ තුනක් පත්කොට මෙම ප්‍රශ්නයට විසඳුමක් දෙන බවද ඔහු සඳහන් කළේය.
- BBC Sandeshaya

Share this article with your friends