Chitika Smowtion 468x60


Thursday, June 28, 2012

SLPL කණ්ඩායම් මිලදී ගැනීමේ ඇතුල් කතාව


ලබන අගෝස්තු මස 10 වනදා ලංකාවේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 -20 SLPL තරඟාවලියේ කණ්ඩායම් හතම ඉන්දියානු සමාගම් හතක් විසින් මිලදීගෙන තිබේ.

කෙසේ නමුත් මෙම කණ්ඩායම් හතෙන් කණ්ඩායම් දෙකක් මිලදීගෙන ඇත්තේ බුකි කරුවන් ලෙස පෙර චෝදනා ලැබූ අය විසින් බව මේවනවිට නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.


ඉන්දියාවේ කල්කටා නුවර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කටයුතු වල යෙදෙන මෙම බුකි කරුවන් පසුගිය කාලය තුල ඉන්දියාව තුල 
පැවති ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියන් මුදලට පාවා දුන් අය බව වාර්තා වේ.

SLPL කණ්ඩායම් හත ඉන්දියානු සමාගම් විසින් මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 30.1 ආසන්න මුදලකටය. මෙම මුදල බංගලාදේශ ප්‍රිමියර් ලිග් තරඟාවලිය විකිණී තිබු අගයට වඩා වැඩි වුවද ඉන්දියානු ප්‍රිමියර් ලිග් තරඟාවලියේ කණ්ඩායම් වල මුළු අගය වූ ඇමරිකානු ඩොලර් මිලියන 723 හා සැසදීමේදී සුළු මුදලකි.

SLPL කණ්ඩායම් මිලදී ගත් හිමිකරුවන් හා එහි වටිනාකම මෙසේය.



වයඹ පළාත් කණ්ඩායම - ඇමරිකානු ඩොලර් මිලියන 5.02 කට වාදාවන් හෝල්ඩින්ග්ස්
කඳුරට කණ්ඩායම - ඇමරිකානු ඩොලර් මිලියන 4.98 කට නම්බර් වන් ස්පෝර්ට් කවුන්සිලින්
නැගෙනහිර කණ්ඩායම - ඇමරිකානු ඩොලර් මිලියන 3.22 වරුන් බෙවරේජ්
උතුර කණ්ඩායම - ඇමරිකානු ඩොලර් මිලියන 3.4 කට රුද්‍රා ස්පෝර්ට්ස්
ඌව කණ්ඩායම - ඇමරිකානු ඩොලර් මිලියන 4.6 කට සක්සස් ස්පෝර්ට්ස්
රුහුණු කණ්ඩායම - ඇමරිකානු ඩොලර් මිලියන 4.6 පර්ල් ඕවර්සිස්
බස්නාහිර කණ්ඩායම - ඇමරිකානු ඩොලර් මිලියන 4.33 ඉන්දියන් ක්‍රිකට් ඩන්ඩී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සිංගප්පුරුවේ සමර්සෙට් ආයතනය එක්ව සංවිධානය කරන SLPL තරඟාවලියෙන් කණ්ඩායම් විකුණා ඇමරිකානු ඩොලර් මිලියන 30.1 කට විකුණනු ලැබුවද එය ලැබෙනුයේ වසර හතක බදූ කාල සිමාවකටය.


මෙසේ ලැබුණු මුදලිනුත් 50% මුදලක් සමර්සෙට් ආයතනය වෙත ලබාදිය යුතුය.එම මුදලිනුත් යම්කිසි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාකුගේ අත යට මුදලක් ලෙස හිමිවනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.










Source: http://www.gossip9.com/2012/06/slpl.html#ixzz1z5TtqxFd

Share this article with your friends