Chitika Smowtion 468x60


Thursday, June 28, 2012

පින්තුර කථාව


මේ පින්තුර වලින් දැක්වෙන්නේ මියුනිච් නගරයේ ගිම්හාන සෘතුවේ පැවැත්වෙන ‘ද රින්ග්‘ නම් වූ ඔපෙරා සංදර්ශණයක පින්තුරය. මෙම ඔපෙරාවට එක්වූ 1700 නිරුවත් ගැහැණු සහ පිරිමි තමන්ගේ ශරීර රතු හා රන්වන් පැහැය අලේප කර ගෙන මෙම ඔපෙරාවේ රඟපාන ලදී. 

මෙවැනි ඔපෙරාවක් ලංකාවේ ප්‍රදර්ශනය වුයේ නම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වශයෙන් පසුගාමී ගෝත්‍රික ජනතාව තුල වන ඇති වන තිගැස්ම ගැන සිතා බලන්න. ආර්ථික සහ අධ්‍යාත්මිකව සහ සංස්කෘතිකව දියුණු වූ සමාජයකට මෙවැනි ඔපෙරාවක නිරුවත රස විඳීමට හැකි වුවද විකෘති ධනවාදයක් සහිතව මානව ප්‍රේමයක් නොමැති ගූඨ ආගම් , මිත්‍යා විශ්වාස , බමුණු මතවාද කරපින්නාගෙන ජාතිවාදය ආගම සේ අදහන මිනිසුන් සිටින නුගත්කම සහ අශිෂ්ඨභාවය වපුරන දේශපාලන බලවේග සහ මාධ්‍ය ජාල තිබෙන මේ රටේ මෙවැනි ඔපෙරාවක් පෙන්නුවහොත් සංස්කෘතිය සදාචාරය බිඳ වැටෙනවා කියමින් බොරු සුචරිතවාදීන් කැති මුගුරු අමෝරා ඔපෙරා රඟහල වට කරනු ඇත. 

මේ රටේ කසල බැහැර කිරීමේ දී සංස්කෘතියක් නැත. වාහන එලවිමේදී සංස්කෘතියක් නැත. පොදු ස්ථාන වලදී හැසිරීමේදී සංස්කෘතියක් නැත. මේ රටේ මිනිසුන් එකිනෙකා සමග මානවීය ගනුදෙනු කිරීමේදී සංස්කෘතියක් නැත. දුබලයන්, දිළින්දන්, ආබාධිතයන්, බලවන්තයන් සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් නැත. පොලිසිය හමුදාව සාමාන්‍ය මිනිසුන් සමග කරන ගනුදෙනුවේදී සංස්කෘතියක් නීතියක් නැත. දේශපාලකයන් ජනතාව සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් සදාචාරයක් නැත. රාජ්‍ය ආයතන වල සිටින රජයේ නිලධාරීන් ජනතාව සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් නැත. අපේ මිනිසුන් සංස්කෘතිය සොයන්නේ වූ ගවුම් වල දිග හා කොට ප්‍රමාණය අනුවය. මේ රටේ මිනිසුන් සිතන්නේ සංස්කෘතිය තිබිය යුත්තේ රෙද්ද පල්ලේ කියාය. 


හොරෙන් සහ රහසින් පව් කරන අපගේ සමාජය මේ නිරුවත ගැන දරන්නේ විවේචන පමණි. බටහිර ලෝකයේ මේ පෙන්වන නිරුවත ගැන විවේචන කිරීමට තොග ගණනේ දේශීය ආචාර්යවරුන් මහාචාර්යවරුන් පුජක උතුමන්ලා සොයාගැනීමට රූපවාහිනියට හෝ පුවත් පත් වලට අසීරු නැත. ගර්හිත හා කුමන්ත්‍රණකාරී නිරුවත් බටහිර ගැන කතා කරන ලියන මොවුන් මේ රටේ බස් රථයක ගැහැනියකට ජැක් නොවැදී යා නොහැක්කේ මන්දැයි නොකියති.

රට පාලනය කරන දේශපාලකයන් ප්‍රසිද්ධියේ නිලියන් හොර ගැනුන් ලෙස තබා ගැනීම සහ මහජන මුදල් වලින් ඔවුන්ව නඩත්තු කිරීම ගැන මුනිවත රකිති. පන්සලේ, පල්ලියේ, කෝවිලේ අපයෝජනයට ලක් වන දරුවන් නොදකිති. ළමා සහ ස්ත්‍රී දුෂකයන් නීතියෙන් බේරී සමාජය තුල පිළිගැනීමට ලක් වී සිටින්නේ කෙසේදැයි නොකියති. කොටින්ම මේ රටේ තිබෙන බරපතල ලිංගික අසහනය ගැන වචනයක් වත් කතා නොකරති. ඔවුන්ට අනුව මෙය ලෝකයේ උතුම් රටය. නමුත් ගැහැණු මැදපෙරදිග වහල් සේවයට යවා දියණියන් අඹුවන් ලෙස තියා ගෙන සිටින පිරිමි ඉන්නා එකම රට මෙරට බව ඔවුන් නොදනිති. 

- අමිල ගුණරත්න




















Source: http://www.gossip9.com/2012/06/blog-post_2761.html#ixzz1z5dPuvjl

Share this article with your friends