Chitika Smowtion 468x60


Thursday, June 28, 2012

චීන ක්‍රීඩකයා ලංකාවට කියා දුන් පාඩම


15 වැනි ආසියානි කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙල අවසන් වුවද එහි පසු කතා තවමත් තැන තැන ඇසෙමින් තිබේ. මෙම සිදුවීමද එවන් කතාවකි. ක්‍රීඩාවේ සැබෑ ගුණය මතුවන මෙම සිදුවීම ඇසින් දුටු කිහිප දෙනෙක් එය මාධ්‍ය වල පල නොවුනේ ඇයි දැයි විමතියෙන් කතා කලේය.

පසුගිය දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 15 වැනි ආසියානු කනිෂ්ඨ උලෙලේදී මීටර් 10,000 ඇවිදීමේ තරඟය ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද තරඟ කරුවන් සහභාගී වී සිටියේය. මේ අතරින් පාවහන් යුගලක් නොමැතිව තරඟයට සහභාගී වි සිටියේ ශ්‍රීලංකාවේ ක්‍රීඩකයෙකු පමණි. තරඟය ආරම්භවී වට ගනනාවක් යනවිට පාවහන් නොමැතිව තරඟ වැදුන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හා තවත් කීප දෙනෙකු පසුබසිනු දක්නට ලැබුණි.

කෙසේ හෝ තරඟයේ අවසාන අවස්තාව වන විට අංක 176 පැළඳ සිටි චීන ජාතික ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රීඩකයාට වට දෙකක පරතරයක් තබා ඉදිරියෙන් සිටියේය. තරඟය නිම කළ චීන ක්‍රීඩකයා සිය ප්‍රීතිය ප්‍රකාශ කර තරඟ අවසානයට වී අවසන් ක්‍රීඩකයාද පැමිනෙනතුරු බලා සිටියේය.

පසුව අවසන් ක්‍රීඩකයාට කලින් තරඟය නිම කල ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙත ගිය චීන ක්‍රීඩකයා සිය පාවහන් යුගලය ගලවා ඔහුට පිරිනමා ඔහුව වැළඳගත්තේය.

එම සිදුවීම දුටු කිහිපදෙනෙකුගේම දෑස් කඳුළු වලින් තෙමී ගියේය. අප මෙම සිදුවීම දකින්න්නේ චීන ජාතිය විසින්ම හුරු කළ ආදර්ශයක් ලෙසය. එම චීන ක්‍රීඩකයා කනිෂ්ඨ මට්ටමේ සිටියද ඔහුගේ එම ක්‍රියාව අපේ රටේ ක්‍රීඩකයන්ට පමණක් නොව නිළදාරීන්ට මෙන්ම ශ්‍රී ලාංකික ජාතියටම ආදර්ශයකි.

කනගාටුවට කරුණ වන්නේ තරඟාවලියේදීම ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ගෙන් සිදුවූයේ චීනයට ප්‍රතිවිරුද්ධ සිදුවීම්ය.

උදාහරණයක් ලෙස මෙම තරඟාවලියේ තාක්ෂණ නිලධාරීන් සඳහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් ඇඳුම් හා පාවහන් සහිත කට්ටලය හරියාකාරව නොබෙදා එය ඇතැම් උසස් නිළධාරීන් සිය ගෙවල් වලට රැගෙන ගොස් ඇත.

පාවහන් නොමැතිව ආසියානු මට්ටමේ ජයග්‍රහන ලබාගත් ක්‍රීඩකයන්ට හා ක්‍රීඩිකාවන්ට පාවහන යුගලක් ගැනීමට පවා ආර්ථික ශක්තියක් නැත. ක්‍රීඩා ආයතනය භාර ලොක්කන් ක්‍රීඩා සැනකෙළි වෙනුවෙන් මිලියන ගනන් නාස්ති කලත් ඔවුන්ට මෙය ක්‍රීඩා පිටියේ දාඩිය හලන දුළිඳු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දුක්ඛිත සත්‍යය පෙනී නැත. කීඩා ඇමතිවරාට මෙන්ම ක්‍රීඩාවේ වත්මන් උරුමකරුවන් සේ පෙනී සිටින ජනාධිපතිගේ පුත්‍රයන්ටද එම සත්‍යය පෙනී නැත.

මොවුන්ගේ අරමුණ වී ඇත්තේ ක්‍රීඩාවේ සෑබෑ ජයග්‍රහණයත් රටට ලබාදීම නොව එයින් ලබාගතහැකි මහා පරිමාන ආර්ථික වාසි හා කායික තෘප්තිය ලබාගැනීම පමණි.


















Source: http://www.gossip9.com/2012/06/blog-post_7452.html#ixzz1z5ZCpzcw

Share this article with your friends