Chitika Smowtion 468x60


Thursday, June 28, 2012

රූපවාහිනිය ඩිජිටල් කිරීමේ කොන්ත‍්‍රාත්තුව බැසිල්ට


ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු මුළුමනින්ම ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර, රුපියල් කෝටි ගණනක් වූ එම ව්‍යාපෘතිය තමන් අතට ගැනීමට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා බලපෑම් කරමින් සිටී.
ජාතික රූපවාහිනිය ඩිජිටල් කිරීමට අදාළ සැලසුම් අධ්‍යයනය කොට වාර්තා කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව යෝජනා කොට ඇත්තේ ඒ සඳහා DVB-T2 තාක්‍ෂණය ඒ සඳහා යොදා ගත යුතු බවයි. එය ආසියාවේ රටවල්වල පමණක් නොව යුරෝපා රටවල් සියල්ලම පාහේ භාවිතා කරන තාක්‍ෂණයක් හෙයින් එය රූපවාහිනී විකාශන කටයුතු සඳහා යොදා ගැනීම සෑම අතින්ම ප‍්‍රයෝගික මෙන්ම ඵලදායීබව එම විද්වත් කමිටුව නිර්දේශ කර ඇත. ඒ අනුව සැකසුනු අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමි වී ඇති අතර, මේ වන විට ඒ සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා ව්‍යාපෘති වාර්තා කැඳවා තිබේ.
එහෙත් බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආරාධනාවක් මත මෑතකදී මෙරටට පැමිණි ජපානයේ විශේෂ නියෝජිතයෙකු එම ව්‍යාපෘතිය තම රටට ලබා දෙන ලෙස බලපෑම් කර තිබේ. ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ගොඩනැගීමට දායක වූ තම රටට එය ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතිය පවරා දීම යුක්ති සහගත බවට ඔහු විසින් කරුණු ඉදිරිපත් කර ඇත.
රූපවාහිනී ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු අප වෙත සඳහන් කළ පරිදි ජපානයේ රූපවාහිනී විකාශන කටයුතු භාවිතා කරන තාක්‍ෂණය ජපානයේ සහ උතුරු ඇමෙරිකානු රටවල් කිහිපයක් පමණක් යොදා ගැනෙන අතර, එය යල් පැන ගිය තාක්‍ෂණයක් හෙයින් බොහෝ රටවල් එය අතහැර රූපවාහිනී සන්නිවේදන කටයුතු සඳහා මේ වන විට යොදා ගෙන ඇත්තේ DVB-T2 තාක්‍ෂණයයි.
එම තත්ත්වය යටතේ ජපානයේ බලපෑමට යටත්ව රූපවාහිනී ඩිජිටල් කිරීම සඳහා එරට යොදා ගැනෙන තාක්‍ෂණය යොදා ගත හොත් අනාගතයේදී බරපතල තාක්‍ෂණික සහ ආර්ථික ගැටළුවලට මුහුණ දීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවුවද ජාතික රූපවාහිනිය ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතිය ජපන් රජයට ලබා දෙන ලෙස බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා දිගින් දිගටම බලපෑම් කිරීම හේතුවෙන් රූපවාහිනී ප‍්‍රධානීන් බලධාරීන් පමණක් නොව ජනමාධ්‍ය ඇමතිවරයාද බලවත් අසීරුතාවයට පත්ව තිබේ.
බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආරාධනාව මත මෙරටට පැමිණි ජපන් නියෝජිතයා නම් කර ඇති ජපන් සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ කුප‍්‍රකට ව්‍යාපාරික සුමාල් පෙරේරා මහතාගේ ඇක්සස් සමාගමයි. බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විකුණන රුපියල් කෝටි ගණනක මුදලක් මේ වන විට ඇක්සස් සමාගම විසින් සිදු කරන ව්‍යාපෘතීන් සඳහා ආයෝජනය කර තිබේ.
හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා චීනයේ, චයිනාහාබර් සමාගම මෙරටට ගෙන එනු ලැබුවේ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාය. එම චයිනාහාබර් සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ද ඇක්සස් සමාගමයි. බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා යටතේ ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක්ම චයිනාහාබර් සමාගමට පවරා දී ඇත.


Source - lankanewsweb.com

Share this article with your friends