Chitika Smowtion 468x60


Thursday, June 28, 2012

'හමුදා ඉඩම් කොල්ලයට' එරෙහිව කිලිනොච්චියේ උද්ඝෝෂණ


ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ දෙමළ ජනයාට අයත් ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචිවී සිටීම නිසා යුද අනාථයන් යලි පදිංචි කිරීමට මෙන්ම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට බාධා පැමිණ ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත් කරගන්නා මෙන් ඉල්ලමින් කිලිනොච්චිය තිරිමුරුකන්ඩි කෝවිල අසල පැවති උද්ඝෝෂණයක් ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රදේශයේ දෙමළ ජනතාව කෘර අන්දමින් පාලනය කරන බවට හමුදාවට චෝදනාවක්ද එල්ල කළේය.
දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික මහජන පෙරමුණ, නව සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක නියෝජිතයෝ මෙම උද්ඝෝෂණයට එක්වී සිටියහ.
"අපේ ඉඩම්වලට, අපේ ගම්වලට අපේ මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න. ඉඩම් අත්පත් කරගන්න එක වහාම නතර කරන්න කියන එක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම," බව එයට එක්වී සිටි එම්.කේ. සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.
මීට කලින් යාපනයේද මෙවැනිම උද්ඝෝෂණයක් දියත් කළ බවද ඔහු සඳහන් කළේය.
දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත්කරගෙන සිටින පිරිසට ශාපවේවායි කියමින් තිරිමුරුකන්ඩි කෝවිල ඉදිරිපස පොල්ගසා ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් වූයේද එලෙසින්.
- BBC Sandeshaya

Share this article with your friends