Chitika Smowtion 468x60


Monday, June 18, 2012

කටුවන ඝාතනයේ සැකකරුවන් වහා අත්අඩංගුවට ගනු!


ආණ්ඩුවට සම්බන්ධ මැර කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ එදිරිමාන්නගේ මාලිනී සහෝදරිය සහ නිමන්ත රොෂාන් සහෝදරයාගේ අවසන් කටයුතු අද සිදුවීමට නියමිතය. මෙම තිරශ්චීන ඝාතනය පිළිබඳව පෙටරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි අපේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටිමු.
මෙම ප්‍රහාරයට ආණ්ඩුව සම්බන්ධ බවට හොඳින්ම ඒත්තු යන්නේ දැන් දින ගණනාවක් ගත වී ඇතත් තවමත් ඇසින් දුටු සාක්ෂි මගින් හඳුනා ගත් මැරවරයින් පවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකිරීමෙන් සහ රජයේ වගකිව යුතු නිලධාරීන් මෙම ඝාතනය පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරමින් මහජන මතය ව්‍යාකූල කිරීමට උත්සාහ කරන නිසාය.
මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සෑම ක්ෂේත්‍රයකම පාහේ බරපතළ අවදානමකට ලක්ව තිඛෙන අතර දේශපාලන පක්ෂයකට රැස්වීමක් පැවැත්වීමේ අයිතිය පවා පැහැර ගෙන ඇති බව කටුවන උදාහරණයෙන් පැහැදිලි වේ. මෙය රටේ ජනතාවට අදහස් ප්‍රකාශනයට ඇති අයිතියත් දේශපාලනය කිරීමට ඇති අයිතියත් උල්ලංඝනය කෙරෙන බරපතළ සිදුවීමක් ලෙස අපි දකිමු. මෙම තත්වය පරාජය කර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඇති කිරීමේ වගකීම රටේ සමස්ත ජනතාව සතුව ඇතැයිද අපි සිතමු.
මෙම මැර ක්‍රියාවට සම්බන්ධ සියලූ මැරවරයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද දේශපාලන පක්ෂවලට දේශපාලනය කිරීම සඳහා ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙසද ආණ්ඩුවට බල කර කියා සිටින අපි රට තුළ ගොඩ නැගෙමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතිකත්වය පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


Source - lankanewsweb.com

Share this article with your friends