Chitika Smowtion 468x60


Tuesday, June 19, 2012

ටෙලි අධ්‍යක්‍ෂක ආනන්ද අබේනායක ජනාධිපති බලතල අතට අරන් !


චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු මෙන්ම, නිෂ්පාදකවරයෙකුද වන ආනන්ද අබේනායක මහතා ජනාධිපතිවරයාගේ බලතල අතට ගෙන රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ටද බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. පසුගියදා රජයේ අයි.ටී.එන්. රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානීන්ටද මොහුගෙන් තර්ජන එල්ල වී ඇත.
කලාකරු ආනන්ද අබේනායක මහතාගේ දියණිය වන යසාරා මෙනවිය, ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ පෙම්වතියයි.
ආනන්ද අබේනායක මහතා අයි.ටී.එන්. ප‍්‍රධානීන්ට බලපෑම් කොට ඇත්තේ, ඔහුගේ ටෙලි නාට්‍යයක කොටස් ගණන 100 කට වඩා වැඩි කළ යුතු බවට යෝජනා කරමිනි. මෙගා ටෙලි නාට්‍යයක උපරිම කොටස් ගණන 100 කට සීමා කළ යුතු බවට ‘ටෙලිනිස’ (ටෙලි නිර්මාණවේදීන්ගේ සංසඳය) රූපවාහිනී නාලිකාවලට දිගින් දිගටම කළ බලපෑම් හමුවේ අයි.ටී.එන්. හි අධ්‍යක්‍ෂ මණ්ඩලය තම ආයතනය මගින් විකාශය කෙරෙන ටෙලි නාට්‍යවල උපරිම කොටස් ගණන සියයකට සීමා කර තිබිණ. ටෙලි නාට්‍යයක කොටස් ගණන 100 කට වඩා නොවිය යුතු බවට යෝජනා කරන සමයේ ටෙලිනිස සභාපතිවරයාව සිටියේ ආනන්ද අබේනායක මහතාය.
මේ දිනවල අයි.ටී.එන්. නාලකාවේ විකාශය වන ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යයෙහි නිෂ්පාදකවරයා වන්නේ ආනන්ද අබේනායක මහතාය. කි‍්‍රෂ්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහතා එහි අධ්‍යක්‍ෂවරයා වේ. එම ටෙලි නාට්‍යයේ කොටස් ගණන 100 කට ආසන්න වෙද්දී, තමාට කොටස් 108 ක් කිරීමට අවශ්‍ය බව ආනන්ද අබේනායක මහතා අයි.ටී.එන්. ප‍්‍රධානීන්ට දැනුම් දී තිබේ.
එහෙත්, අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් කුමන තත්ත්වයක් යටතේ හෝ කොටස් 100 කට වඩා විකාශය කිරීමට අනුමැතිය දිය නොහැකි බව එකී පරිපාලනය අවධාරණය කර ඇත. එසේ සිදු කිරීම අනිසි පූර්වාදර්ශයක් විය හැකි බවත්, එම විකාශන කාලය තුළ විකාශය කිරීමට නියමිත අජිත් ලොකුගේ මහතාගේ ටෙලි නිෂ්පාදනයට ඉන් බලපෑමක් වන බවත් අයි.ටී.එන්. පරිපාලනය පැහැදිලි කර ඇත.
එහෙත්, කරුණු පැහැදිලි කිරීමට එකඟ වී නැති ආනන්ද අබේනායක මහතා තමා ඒ ගැන අජිත් ලොකුගේ මහතා සමග සාකච්ඡුා කොට එකඟත්වයකට ඒමට කටයුතු කරන බව දන්වා ඇත. ඒ අනුව, අජිත් ලොකුගේ මහතාට කතා කොට ඇති ආනන්ද අබේනායක මහතා, තමාගේ ටෙලියෙහි තවත් කොටස් 08 ක් විකාශය කිරීමට නියමිත හෙයින් ඒ සඳහා අනවශ්‍ය බලපෑම් නොකරන්නැයි දැනුම් දී තිබේ. මෙහිදී අජිත් ලොකුගේ මහතා එයට එකඟත්වය පළ කර නොමැත. ‘‘මට තමුසෙගෙ අනුමැතියක් ඕනෙ නැහැ. මම ඉහළින්ම මේ ප‍්‍රශ්නය විසඳ ගන්නම්’’ යැයි පවසමින් ආනන්ද අබේනායක මහතා දැඩි ලෙස පවසා ඇත.
ආනන්ද අබේනායක මහතාගේ ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යයට කොටස් 108 ක් විකාශය කිරීමට අනුමැතිය දෙන්නැයි ජනාධිපතිවරයා අයි.ටී.එන්. පාලකයින්ට දැනුම් දී ඇත්තේ ඉන් අනතුරුවය. මෙගා ටෙලි නාට්‍යවලට එරෙහිව මහ හඬක් නඟමින්, කොටස් 100 කට වඩා ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන ලෙස බලපෑම් කළ හිටපු ‘ටෙලිනිස’ සභාපතිවරයා මෙලෙස තමන්ගේ පෞද්ගලික වාසිය සඳහා කටයුතු කිරීමත්, තම ව්‍යාපාරික කටයුතු සඳහා දියණියගේ දේශපාලන බලය යොදා ගැනීමත් අතිශයින් පිළිකුල් සහගත බව අයි.ටී.එන්. නාලිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අපෙ වෙත පැවසීය.
තම දියණියගේ හා අනාගත බෑණාගේ බලය යොදා ගනිමින් ආනන්ද අබේනායක මහතා මේ වනවිට රජයේ හා පෞද්ගලික රූපවාහිනී ආයතනවල ටෙලි විකාශන කාලයන් බොහෝ ගණනක් අත්පත් කර ගෙන තිබේ. ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කරන පුද්ගලයන් බොහෝ දෙනෙකු තම නිර්මාණ සඳහා කවරාකාරයෙන් හෝ ආනන්ද අබේනායක මහතා දායක කර ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අධ්‍යක්‍ෂ බන්දුල ඒකනායක, උදය ප‍්‍රනාන්දු මහතාගේ පුත් රවී ප‍්‍රනාන්දු, සරසවි පොත් ආයතනයේ අධිපති එච්.ඞී. පේ‍්‍රමසිරි සහ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ යන සිව්දෙනා විසින් නිෂ්පාදනය කොට මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ‘අප්පච්චී’ ටෙලි නාට්‍යයද අධ්‍යක්‍ෂවරයා ලෙස යොදා ගෙන ඇත්තේ ආනන්ද අබේනායක මහතාය.
මීට අමතරව, ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍ය ගණනාවක්ම ආනන්ද අබේනායක මහතාගේ දායකත්වය යටතේ විකාශනය වේ.


Source - lankanewsweb.com

Share this article with your friends