Chitika Smowtion 468x60


Tuesday, June 19, 2012

හෝටල් 300 ක් ඇමති හිතවතුන්ට


අලූතින් හෝටල් 300 ක් ඉදි කිරීමට පසුගිය වසර තුළ ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අවසර දී තිබේ. මේ අතුරින් හෝටල් 200 කට අධික සංඛ්‍යාවකට අදාළව මෙතෙක් පරිසර ඇඟයීම් වාර්තා සකස් කර නැති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රුපියල් ලක්‍ෂ 30 ත් ලක්‍ෂ 50 ත් අතර මුදල්වලට මෙම බලපත‍්‍ර නිකුත් කර ඇත. ඒ සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු කිරීමට අධිකාරිය කටයුතු කර නොමැත. ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ හිතවතුන් කිහිපදෙනෙකුගේ නම්වලට මෙම බලපත‍්‍ර නිකුත් කර තිබේ. විපක්‍ෂයේ දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ හිතවතුන්ගේ නම්වලටද මෙම බලපත‍්‍ර නිකුත් කර ඇත. ඒවායින් 100 කට අධික සංඛ්‍යාවක ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ.
පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට මෙලෙස පරිසර බලපෑම් ඇගයීම් වාර්තා සකස් කිරීමකින් තොරව සංචාරක හෝටල් ඉදි කිරීම ඉදිරියේදී බරපතළ පාරිසක තර්ජනයක් වනු ඇති බවයි. ඒවායින් බැහැර කරන කැලිකසල, අක‍්‍රමවත් බැහැර කිරීම් වැනි කරුණු නිසා ජෛව විවිධත්වය විනාශ වීමේ අවධානමක් පවතී.



Source - lankanewsweb.com

Share this article with your friends