Chitika Smowtion 468x60


Tuesday, June 19, 2012

ඉන්දියන් රියලිටි වැඩසටහනේ සනත් ජයසුරියගේ පළමු නැටුම (ඡායාරූප හා වීඩියෝ)


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

ඒ අනුව එම තරඟයේ සනත්ගේ පළමු නර්තනය පසුගියදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනා.

හින්දි ගීතයක් අනුව ඔහුගේ නර්තන සහකාරිය වන සුචිත්‍රා සමග නර්තනයේ යෙදුනු සනත් හට නර්තන අවසානයේ විනිසුරු මඩුල්ලේ සිටි බොලිවුඩ් නිලි මධුරි ඩික්සිත් සිංහල බසින් "ගොඩක් හොඳයි" යනුවෙන් පැවසු අතර ඇය සනත්ගෙන් ඉල්ලීමක් කලේ තමා සමග එක්ව "සුරංගනී ට මාළු ගෙනාවා" ගීතය ගැයීමට එක්වන ලෙසය.


ඒ අනුව සනත් ර්තනයෙන් අනතුරුව මධුරි ඩික්සිත් සමග සුරංගනී ට මාළු ගෙනාවා ගීතය ගායනා කරන ලදී.සනත්ගේ පළමු නර්තනයෙන්ම ලකුණු 30 කින් 27 ක් හිමි කරගැනීමට සනත් සමත් වුනා.

නර්තනයට පෙර සනත් හා සුචිත්‍රා නර්තනය පුහුණු වීම් සිදු කරනු ලබ
 ආකාරයේ වීඩියෝ පටයක් විකාශය කල අතර එය පටිගතකොට තිබුනේ ලංකාවේයි.

ගොසිප්9 වෙත දැනගන්න ලැබෙනුයේ පසුගිය කාලයේ සනත් ජයසුරිය ඉන්දියාවෙන් පැමිණි සුචිත්‍රා ඇතුළු පිරිස හා බි.බි.සි. ආයතනයේ ලංකාවේ නිෂ්පාදකයෙකු වන නුවන් සමග රේණුක හෝටලයේ සතියක් නැවතී සිට ඇති බවයි.

ඔවුන් එම කාලය අතරතුර ගත ජායාරුප එකතුවක් මෙම ලිපිය අගදී ඔබට බැලිය හැක.

සනත්ගේ පළමු නැටුම පහතින් බලන්න



සනත් මධුරි සමග "සුරංගනී ට මාළු ගෙනාවා" ගීතය ගයන අයුරු පහතින්



සනත් හා සුචිත්‍රා ලංකාවේ කල සෙල්ලම් පහතින් බලන්න

  











Source: http://www.gossip9.com/2012/06/blog-post_5483.html#ixzz1yGTRjecA

Share this article with your friends