Chitika Smowtion 468x60


Tuesday, June 19, 2012

කණකර උකස් කිරීම මුල් තැනට


පසුගිය 2011 වසරේදී රාජ්‍ය බැංකුවලින් උකස් හා පාරිභෝගික ණය වශයෙන් මහජනතාව රුපියල් කෝටි 50,700 ක් ලබාගෙන ඇත. මෙයින් කෝටි 34,440 ක් උකස් ණය හා කෝටි 16,260 ක් පාරිභෝගික ණය වශයෙන් ලබාගෙන තිබේ. බැංකුවලින් උකස් ණය නිකුත් කරනුයේ රන් භාණ්ඩ ඇපයට තබාගෙනය.
මෙසේ ලබාදෙන උකස් ණය 2010 වසරේදී රුපියල් කෝටි 19,451 වී ඇත. 2011 වසර අවසන් වන විට එය රුපිය්ල කෝටි 34,440 ක් දක්වා වේගයෙන් වැඩි වී තිබේ.
බැංකු විසින් නිකුත් කරන ණය කෘෂිකාර්මික, නිවාස, ප‍්‍රවාහන උකස් වශයෙන් විවිධ ක්‍ෂේත‍්‍රවලට බෙදා ඇතත්, පාරිභෝගික ණය යනුවෙන් විෂයක් යටතේ මුදල් අමාත්‍යංශය වර්ගීකරණය කර ඇත්තේ 2011 වසරේදීය. එම වසරේදී පාරිභෝගික ණය වශයෙන් රුපියල් කෝටි 16,240 ක් නිකුත් කර තිබීම විශේෂ තත්ත්වයකි.
2011 වසරේ රාජ්‍ය බැංකු විසින් නිකුත් කර තිබෙන උකස් ණය ප‍්‍රමාණය එම වසරේ රාජ්‍ය බැංකුවලින් නිකුත් කර තිබෙන මුළු ණය ප‍්‍රමාණයෙන් 28.2% ක් වැනි ඉතා ඉහළ අගයක් ගෙන තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends